Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු මුල් පෙළ පිතිකරු සිය ටෙස්ට් දිවියේ ලකුණු 7000 කඩයිම පසුකර යද්දී පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් එක්ව දෙවැනි නව පන්දුවෙන් පාකිස්තානය විනාශ කළහ.
ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (23 වැනිදා) සවස තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබාසිටි ඕස්ට්‍රේලියානුවෝ තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදීම පාකිස්තානයට වඩා ලකුණු 134 ක් ඉදිරියෙන් සිටිති.
ඕස්ට්‍රේලියානුවන්ගේ ලකුණු 391 ට පිළිතුරු දෙමින් සිටි පාකිස්තානු කණ්ඩායම අද තේ පානයට පෙර එක් අවස්ථාවකදී කඩුලු 2 කට ලකුණු 214 ක් ලබා සිටියේ මෙම තරගයේදීත් පිතිකරුවන්ගේ අණසක පතුරුවාලීමේ ඉඟි පෙන්වමිනි. එහෙත් 80 වැනි ඕවරය නිමාවීමත් සමගම දෙවැනි නව පන්දුව ලබාගත් පැට් කමින්ස්, තමන්ටම ලැබුණු උඩපන්දුවක් රැකගනිමින්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවා වූ අසාර් අලී (78) පිටියෙන් ඉවත් කළේය.
එතැන් සිට පැමිණි පිතිකරුවන් කිසිවකුට ලකුණු 10 ක් ලබාගැනීමට අවසර නොදුන් කමින්ස් (56/5) සහ මිචෙල් ස්ටාක් (33/4) දෙදෙනා, පාකිස්තානු ඉනිම ලකුණු 268 කට සීමාකළේ අවසන් කඩුලු 5 ම ලකුණු 04 ක් ඇතුළත බිඳ දමමිනි.
අද දිනය ආරම්භයේදී ඕස්ට්‍රේලියානු පන්දු රැකීම දුර්වලව තිබිණ. බාබර් අසාම් ලකුණු 20 ක් ලබා සිටියදී නේතන් ලයන්ගේ පන්දුවකින් ලැබුණු උඩපන්දුවක්, ස්ටීවන් ස්මිත් වෙතින් ගිළිහී ගියේය.
දිවා ආහාරයෙන් පසුව නේතන් ලයන්ගේ පන්දුවක් අබ්දුල්ලා ශෆීක්ගේ පිත්තේ යාන්තමින් වැදී කඩුලු රකින ඇලෙක්ස් කේරි වෙත ගියේය. එහෙත් විනිසුරු අලීම් දාර් මහතා එය උඩපන්දුවක් ලෙසින් අනුමත නොකළේය. තීරණය තුන්වැනි විනිසුරවරයාට යැවූ ඕස්ට්‍රේලියානු නායකයා එම අවස්ථාවේදී අබ්දුල්ලා ශෆීක් දවාගත්තේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණ 150 ක සම්බන්ධතාවක්ද නිමාවට පත්කරමිනි.
රාවල්පිණ්ඩියේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශතකයක් ලබාගත් අබ්දුල්ලා, අද දිනයේදී දැවීයාමට පෙර විනාඩි 323 ක් තිස්සේ පිටියේ රැඳෙමින් පන්දු 11 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.
ඒ අතරවාරයේදී අසාර් අලී සිය 94 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 7000 කඩයිම පසුකළේය. ටෙස්ට් ලකුණු 7000 කඩයිම පසුකළ ලෝකයේ 54 වැනි පිතිකරුවා වන අසාර් අලී, එවැනි දස්කමක් කළ පස්වැනි පාකිස්තානුවාද විය.
ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් වසර 24 කට පසුව පාකිස්තානයේ කරන පළමු සංචාරය මෙයයි. රාවල්පිණ්ඩි සහ කරච්චි නුවර වලදී පැවැති තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවූ අතර මෙම තරගය තරගාවලියේ තීරණාත්මක තරගය වෙයි.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 391 යි
පාකිස්තානය - පළමු ඉනිම 268 යි
(අබ්දුල්ලා ශෆීක් 81, ඉමාම් උල්-හක් 11, අසාර් අලී 78, බාබර් අසාම් 67, ෆවාඩ් අලාම් 13, මිචෙල් ස්ටාක් 33/4, පැට් කමින්ස් 56/5)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 11
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.