Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් 9 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවසන් තරගයට පිවිසි අවස්ථා 8 න් 6 කදීම ශූරතාව දිනාගැනීමට ඔවුහු සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 157 ක පහසු ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 45 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකවන්ට ඕවර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.
කොදෙව් කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා ස්ටෙෆ්නි ටෙලර් පන්දු 75 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 48 ක් රැස්කළ නමුත් පරාජයෙන් ගැළවීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. ආරම්භක පිතිකාරිණි ඩීන්ඩ්‍රා ඩොටීන් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, හේලි මැතිව්ස් පන්දු 49 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 305 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇලීසා හීලි පන්දු 107 කින් ලකුණු 129 ක් රැස්කළේ හයේ පහර 1 ක් සහ හතරේ පහර 17 ක් සමගිනි. රිචල් හේන්ස් (85) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 196 කදී ලකුණු 216 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හීලි සමත් වූවාය.
පනදු 100 කට මුහුණදුන් හේන්ස් හතරේ පහර 9 කින් සිය අර්ධ ශකතය සැරසූ අතර නායිකා මේග් ලැනිංන් පන්දු 26 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක්ද, බෙත් මූනි පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 43 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් එපිටට රැගෙන ගියහ.
ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 45 කදී කඩුලු 3 ක් දැවී 303
(රිචල් හේන්ස් 85, ඇලීසා හීලි 129, මේග් ලැනිංන් නොදැවී 26, බෙත් මූනි 43, චිනෙලී හෙන්රි 51/2)
කොදෙව් කාන්තා පිල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 148
(ඩීන්ඩ්‍රා ඩොටීන් 34, හේලි මැතිව්ස් 34, ස්ටෙෆ්නි ටේලර් 48, ජෙස් ජොනසන් 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.