Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ 1-0 කින් තරගාවලිය දිනති
ලාහෝර් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ 1-0 කින් තරගාවලිය දිනති

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් (83/5) සහ නායක පැට් කමින්ස් (23/3) එක්ව පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 235 කට සීමා කරමින්, ලාහෝරයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 115 ක ජයක් කරා ඕස්ට්‍රේලියානු පිල කැඳවාගෙන ගියහ.

පළමු තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමා වූ හෙයින්, තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ අද (25 වැනිදා) සමත් වූහ.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ වසර 24 කට පසුවය. ආරක්‍ෂක හේතුන් මත ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම් 1998 සිටම පාකිස්තානයේ සංචාරය නොකළ නමුත් 1992 දී පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලාන දිනා දුන් ඉම්රාන් ඛාන්, මේ වන විට පාකිස්තානු අගමැතිවරයා ලෙසින් සිටීමත් සුවිශේෂී තත්ත්වයකි.

34 හැවිරිදි නේතන් ලයන්, පාකිස්තානු පිතිකරු ලයිස්තුවේ ප්‍රබලයන් වන ඉමාම් උල් හක්, අසාර් අලී සහ බාබර් අසාම් පිටියෙන් ඉවත් කරමින්, ඕවර 37 කදී ලකුණු 85 කට කඩුලු 5 ක් දවාගත්තේය.

කරච්චියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් පරාජයේ දඬු අඬුවට අසුවී තිබූ පාකිස්තානු පිල ගලවාගත්තේ එම තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 196 ක් ලබාගත් නායක බාබර් අසාම් විසිනි. එහෙත් අද දිනයේදී පාකිස්තානු නායකයාට ලබාගත හැකිවූයේ ලකුණු 55 කි.

විනිසුරු තීරණ විමසීමට ගියේ නම් පාකිස්තානු පිතිකරු මොහොමඩ් රිස්වාන්ට සිය කඩුල්ල ආරක්‍ෂා කරගත හැකිව තිබූ අවස්ථාවක් ගිළිහී ගියාක් මෙන්ම, බාබර් අසාම් දවාගැනිමට තිබූ අවස්ථාවක්ද මඟහැරී ගියේය.  එහෙත් ලකුණු 213 දී බාබර් අසාම් දැවී යාමත් සමගින් පාකිස්තානු පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 22 ක් තුළදී බිඳ වැටිණ.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 391 යි
පාකිස්තානුය  - පළමු ඉනිම 268 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ට 227 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම 235 යි

(අබ්දුල්ලා ශෆීක් 27, ඉමාම් උල්හක් 70, අසාර් අලී 17, බාබර් අසාම් 55, ෆවාඩ් අලාම් 11, සජීඩ් ඛාන් 21, හසන් අලී 13, පැට් කමින්ස් 23/3, නේතන් ලයන් 83/5)

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 1-0 කින් තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.