විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා ඊයේ (3 වැනිදා) කොළඹ සී.සී.සී. ක්රීඩාංගණයේ පැවැති පෙරහුරු තරගයකදී ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරමට ඕමානය සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඕමානය ඕවර 18 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ආමිර් කලීම් පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 145 ක් ලබාගත් අතර ශ්රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වනුජ සහන් පන්දු 21 කින් ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 13 කට මුහුණදුන් චමිඳු වික්රමසිංහ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 24 ක් රැස්කළේය.
ශ්රී ලංකා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 145
(දුල්නිත් සිගේරා 20, සහන් කෝසල 21, වනුජ සහන් 29, චමිඳු වික්රමසිංහ නොදැවී 24, ජේ ඔඩේඩ්රා 18/2, ශා ෆයිසාල් 21/2, ශකීල් අහමඩ් 24/2)
ඕමානය - ඕවර 18 කදී කඩුලු 5 ක් දැවී 146
(ආමිර් කලීම් 80, විනායක් ශුක්ලා නොදැවී 39, වනුජ සහන් 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.