Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ දෙවැනි කොටස සඳහා තම ක්‍රීඩකයින් සහභාගී වීම ගැන කිසිදු විරෝධතාවක් නොමැති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත්, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයත් නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ. අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි කොටස සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනය කාර්ය බහුලවීම හේතුවෙන් අයි.පී,එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පැවතුනි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් ආයතන තම ක්‍රීඩකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයි.පී.එල් තරඟාවලියේ ඉතිරි කොටස ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා දී තිබීම එම තත්ත්වය සමනය කරන්නකි.
“අයි.පී.එල්. කාර්යාලයෙන් අපට ඇමතුමක් ලැබී තියෙනවා. අයි.පී.එල් තරගාවලියේ දෙවැනි අදියරට ඔවුන්ගේ ක්‍රීඩකයින් සහභාගිවීම සම්බන්ධයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනවල විරෝධයක් නොමැති බව දන්වා තිබෙනවා. දැන් ඒක ක්‍රීඩකයින් සතුයි. අපිට දැන් ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රීඩකයින් සිටිනවා” යැයි චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරි කාසි විශ්වනාදන් මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.
“විදේශීය ක්‍රීඩකයන් සම්බන්ධ ප්‍රශ්නය දැන් විසඳිලා තියෙනවා. දැන් කණ්ඩායම් කළමනාකරු තනි තනිව එම ක්‍රීඩකයින් සම්බන්ධ කර ගනීවි” යැයි පන්ජාබ් කිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ.
අයි.පී.එල් තරගාවලියේ දෙවන අදියර සඳහා නවසීලන්ත ක්‍රීඩකයින් සහභාගිවන බව මින් පෙර, නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී ඬේවිඞ් වයිට් මහතා තහවුරු කළේය. විදේශීය ක්‍රීඩකයින්ගෙන් වැඩි දෙනෙකු තරගාවලියට සහභාගී වීමත් සමඟ අයි.පී.එල් කණ්ඩායම් හිමිකරුවන් සැනසුම් සුසුමක් හෙළනු ඇත.
ඔක්තෝම්බර් මාසයේදී එංගලන්ත පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සීමිත ඕවර තරගාවලියක් සඳහා පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතය. කෙසේ වෙතත්, එංගලන්ත ක්‍රිකට් ආයතනය තම ක්‍රීඩකයින්ට අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ දීමත් සමඟ එංගලන්තයේ සමහර ක්‍රීඩකයන්ට පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.
එංගලන්තයේ පිරිමි කණ්ඩායම ඔක්තෝබර් 13 සහ 14 වැනිදා විස්සයි20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර පසුව ඔවුන් අයි.සී.සී විස්සයි20 ලෝක කුසලානය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යනු ඇත. එංගලන්ත කාන්තා කණ්ඩායමද ඔක්තෝබර් 13 සහ 14 වැනිදා විස්සයි20 තරග 2 ට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර පසුව ඔක්තෝබර් 17, 19 සහ 21 පැවැත්වෙන එක්දින තරග 3 ක් සඳහා ඔවුන් එහි රැඳී සිටිනු ඇත. මෙම තරඟාවලියේ සියලු තරග රාවල්පින්ඩිහිදී පැවැත්වෙනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.