Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත පිල ලකුණු 255 ක් පසුපසින්

එංගලන්ත පිල ලකුණු 255 ක් පසුපසින්

editorial - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (28 වැනිදා) නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 121 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 255 ක් පසුපසින් සිටියි. තෙවැනි දිනය සඳහා අද තරගය නතර කරන විට ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 77 ක්ද, ජෝ ඩෙන්ලි හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රෝරි බර්න්ස් සහ ඩොමිනික් සිබ්ලි (29) සමත් වුවද, කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් සිබ්ලි දැවී යෑමත් සමත එම සම්බන්ධතාව නිමාවට පත් විය. දැවීයන විට සිබ්ලිගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ.

දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 200 ක් එක්කර ගත්තේය. එහිදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රාසි වැන්ඩර් ඩුසේන් (51), එය හතරේ පහර 5 කින් සැරසීය.

රාත්‍රී මුරකරු පිතිකරු ලෙස කටයුතු කළ ඇන්රිච් නොට්ජේ (40) සමග එක්ව එංගලන්ත දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩුසේන් සමත් විය. ක්වින්ටින් ඩි’කොක් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද, වර්නන් පිලැන්ඩර් හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ජොෆ්රා ආචර් ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත් අතර එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 දවාගත් තෙවැනි අවස්ථාව ලෙස සටහන් විය. බෙන් ස්ටෝක්ස් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත් අතර ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඞ් සහ සෑම් කරන් කඩුල්ල බැගින් බිඳහෙළුහ.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 284
(ඒඞ්න් මාක්‍රම් 20, සුබයිර් හමිසා 39, ෆෆ් ඩුප්ලෙසි 29, ක්වින්ටින් ඩි’කොක් 95, ඞ්වේන් ප්‍රිටෝරියස් 33, වර්නන් ෆිලැන්ඩර් 35, සෑම් කරන් 58/4, ස්ටුවට් බ්‍රෝඞ් 58/4)

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 181
(ජෝ ඩෙන්ලි 50, ජෝ රූට් 29, බෙන් ස්ටෝක්ස් 35, සෑම් කරන් 20, වර්නන් ෆිලැන්ඩර් 16/4, කගිසෝ රබාඩා 68/3, ඇන්රිච් නොට්ජේ 47/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 272
(ඩීල් එල්ගා 22, ෆෆ් ඩු ප්ලෙසි 20, රාසි වැන්ඩර් ඩුසේන් 51, ඇන්රිච් නොට්ජේ 40, ක්වින්ටින් ඩි’කොක් 34, වර්නන් පිලැන්ඩර් 46, කගිසෝ රබාඩා නොදැවී 16, ජොෆ්රා ආචර් 102/5, බෙන් ස්ටෝක්ස් 22/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 121
(රෝරි බර්න්ස් නොදැවී 77, ඩොමිනික් සිබ්ලි 29)


-036


අදහස් (0)

එංගලන්ත පිල ලකුණු 255 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.