
නවතම පරීක්ෂණ වාර්තා වලට අනතුරුව මුයින් අලී හැර එංගලන්ත සංචිතයේ සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම කොරෝනා වයිරසයෙන් නිදහස් බව තහවුරු වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට පුහුණුවීම් කිරීමේ අවසරය ලැබී තිබේ. එංගලන්ත කණ්ඩායම අද (6 වැනිදා) සිය පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයට ගියේය.
වයිරසය අසාදනය වී සිටින මුයින් අලි, සංචාරක කණ්ඩායමේ හෝටලයේ වෙනම අංශයකින් දින 10 ක් නිරෝධායනය වෙමින් සිටී. අලී සමග සමීප සම්බන්ධතාවක් පැවැති ක්‍රිස් වෝක්ස්ද ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයෙන් වෙන්ව හුදෙකලාව සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.