Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගත් එංගලන්ත කාන්තාවෝ ඉන්දියාවේ ඉන්දෝර් නුවරදී අද (19 වැනිදා) පැවැති තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 4 කින් පරාජය කළහ. මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු 9 ක් අත්කරගත් එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ලකුණු 289 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කාන්තාවන්ට ඕවර 50 ක් නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 6 ට 284 කි.
ස්මි්‍රති මන්දනා (88), හර්මන්ප්‍රීත් කෞර් (70) සහ දීප්ති ෂර්මා (50), ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියහ. මන්දනා සහ දීප්ති ෂර්මා දෙදෙනාම පිටියේ සිටියදී ඉන්දීය ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 234 ක් ලෙසිනි. එතැන් සිට ඉන්දීය පිලේ ජයග්‍රහණය සඳහා පන්දු 54 කින් ලකුණු 55 ක් අවශ්‍යව තිබුණද ඊළඟ පන්දුවේදී මන්දනා දැවී යාමෙන් පසුව එංගලන්ත කාන්තාවෝ තරගයේ පාලනය සියතට ගත්හ.
අවසන් ඕවර 5 දී ඉන්දීය පිලට පන්දු 30 කින් ලකුණු 36 ක් අවශ්‍ය වූ නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 31 ක් පමණි.
සත්කාරකයන් වන ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ අභීත පිතිහරඹයක නිරත වූ හෙදර් නයිට් (109) ප්‍රමුඛ එංගලන්ත පිතිකාරිණියෝ ඕවර 50 ක් ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබාගත්හ. ඉන්දීය පන්දු යවන්නියන් වරින් වර කඩුලු දවාගත් නමුත් තරගයේ 45 වැනි ඕවරයේදී හිටපු නායිකා හෙදර් නයිට් දැවීයන තුරුම පැවැතියේ එංගලන්ත පිතිකාරිණියන්ගේ ආධිපත්‍යයකි.
45 වැනි ඕවරය ආරම්භ වන විට කඩුලු 3 ට 249 ක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන් වූ නමුත් ඉනිම අග්ගිස්සේ ඕවර කිහිපයෙන් වැඩිපුර ලකුණු ලබාගැනීමට ගත් උත්සාහය නිසා ලකුණු 39 ක් ඇතුළත එංගලන්තයේ කඩුලු 5 ක් බිඳ වැටිණ. නමුත් එංගලන්ත කාන්තාවෝ තමන්ට අවශ්‍යව තිබූ ලකුණු 280 කඩයිම පසුකර ගියහ.
අලංකාර හතරේ පහර 15 ක් සහ හයේ පහරක් ද සමගින් පන්දු 91 කදී ලකුණු 109 ක් ලබාගැනීමට හෙදර් නයිට් සමත් වූවාය. ඇයට විශිෂ්ට සහයෝගයක් දුන් ඇමී ජෝන්ස් (56) ඉන්දීය පන්දු යවන්නියන්ට තරගයේ පාලනය නොදීමට වගබලාගත්තාය. දීප්ති ෂර්මා (51/4) සහ ශ්‍රී චරණි (68/2) දෙදෙනා කඩුලු 6 ක් බෙදාගත් නමුත් ඒ වනවිට එංගලන්ත පිතිකාරිණියෝ තමන්ට අවශ්‍ය ඉසව්වට පිවිස සිටියහ. ඉන්දියානුවන්ට තිබූ සහනය වූයේ ලකුණු 300 කඩඉම පසුකිරීමට එංගලන්ත කාන්තාවන්ට අවසර නොදීමයි.
ඇමී ජෝන්ස් සහ ටැමී බියුමන්ට් (22) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඇමී ජෝන්ස් දැවීයාමෙන් පසුව එක්වූ හෙදර් නයිට් සහ නායිකා නැතලි ෂිවර්-බ්‍රන්ට් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 113 හේතුවෙන් තරගයේ වාසිය එහෙම පිටින්ම එංගලන්තය දෙසට නැඹුරු විය. ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ට ඔල්වරසන් දීමට අවස්ථාවක් ලැබුණේ නයිට්ගේ දැවීයාමෙන් පසුව පමණි.
ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක පැවතිණ. එසේ නොවූයේ නම් තවත් ලකුණු 40 ක් හෝ 50 ක් පමණ එංගලන්ත පිලට එක්වීමට තිබිණ. ටැමී බියුමන්ට් දවාගැනීමත් සමගින් ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා සිය 150 වැනි එක්දින කඩුල්ල දවාගත්තාය.
එංගලන්ත කාන්තා කණ්ඩායම - කඩුලු 8 ට 288 යි
(ටැමී බියුමන්ට් 22, ඇමී ජෝන්ස් 56, හෙදර් නයිට් 109, නැතලි ෂිවර්-බ්‍රන්ට් 38, සොෆියා ඩන්ක්ලි 15, එමා ලෑම්බ් 11, චාලි ඩීන් නොදැවී 19, දීප්ති ෂර්මා 51/4, ශ්‍රී චරණි 68/2)
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 6 ට 284 යි
(ස්මි්‍රති මන්දනා 88, හර්ලින් ඩියොල් 24, හර්මන්ප්‍රත් කෞර් 70, සහ දීප්ති ෂර්මා 50, අමන්ජෝත් කෞර් නොදැවී 18, ස්නේ රානා නොදැවී 10, නැතලි ෂිවර්-බ්‍රන්ට් 47/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.