Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය පැරදුනා මදිවට දඩත් කයි
අළු බඳුන

එංගලන්තය පැරදුනා මදිවට දඩත් කයි

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළුබඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හී පැවැති පළමු තරගයෙන් පරාජයට පත්වූ එංගලන්ත කණ්ඩායමට, පන්දු යැවීම ප‍්‍රමාද කිරීමේ චෝදනාවට දැඩි දඩුවම් ලබාදීමට තරග තීරක ඩේවිඩ් බූන් මහතා කටයුතු කළේය. තරගයේ නියමිත වේලාවට යැවිය යුතු  ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට සමත් නොවීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 100% ක දඩයක් සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනෙන් ලකුණු 5 ක් අඩු කිරීමටද තීරකවරයා මෙහිදී කටයුතු කළේය.

”කාල දීමනා සකස් කිරීමෙන් පසු නියමිත වේලාවට යැවිය යුතු  ඕමර සංඛ්‍යවෙන්  ඕවර පහක් අඩුවීම හේතුවෙන් එංගලන්තයට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 100% ක දඩයක් තරඟ තීරක ඩේවිඩ් බූන් මහතා නියම කර ඇත” යනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

‘‘ක‍්‍රීඩකයින් සහ ක‍්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග‍්‍රහයේ 2.22 වගන්තියට අනුව අඩුවන සෑම පන්දුවාරයකටම ක‍්‍රීඩකයින්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 20%ක් අය කරයි”

මේ වසර තුල මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් එංගලන්තය කණ්ඩායම දඩුවම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය විය. අගෝස්තු මාසයේදී, ටෙ‍්‍රන්ට් බි‍්‍රජ්හිදී පැවැති ටෙස්ට් තරගයේදී එංගලන්තයට සහ ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනෙන් ලකුණු දෙක බැගින් අඩුවිය.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ 7 වැනි ස්ථානය දක්වා පහත වැටුණු එංගලන්තය මේ වනවිට ප‍්‍රසාද ලකුණු 9 ක් හිමිකර ගෙන ඇත. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 12 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

එංගලන්ත ක‍්‍රීඩකයින්ට අමතර  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයකුටද බි‍්‍රස්බේන් තරගයේදී දඩ ගෙවීමට නියම විය.

ක‍්‍රීඩකයින් සහ ක‍්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග‍්‍රහයේ 2.3 වගන්තියට අනුව ජාත්‍යන්තර තරගයක් අතරතුර කඩුල්ලේ ඇති මයික‍්‍රෆෝනය මගින් ඇසෙන පරිදි අසභ්‍ය වචන පැවසීම හේතුවෙන් තරගයේ වීරයාවූ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ට‍්‍රැවිස් හෙඞ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් 15% ක් දඩයක් නියම විය. ඔහුට එම වරද වෙනුවෙන් දඩුවම් ලකුණක් ද හිමි වූ අතර මාස 24ක කාලයක් තුළ ඔහු කළ පළමු වරද එය විය.

බෙන් ස්ටෝක්ස් විසින් ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ 77 වැනි  ඕවරය යැවීමෙන් පසු හෙඩ් නුසුදුසු භාෂාවක් භාවිතා කිරීම මෙම සිද්ධියට පදනම් විය. හෙඩ් වරද පිළිගත් බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විභාගයක් සිදු නොකිරීමට තීරකවරයා කටයුතු කළේය.

- 2079


අදහස් (0)

එංගලන්තය පැරදුනා මදිවට දඩත් කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.