Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය ශතකය ලබාගැනීමෙන් පසුව හැරී බෲක් කඩුල්ල වීසිකර දැමූ නමුත් තම 39 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ ජෝ රූට් එංගලන්ත පිල ජය මාවතේ කැඳවාගෙන යමින් සිටියේය. ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 374 ක ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්තය, තරගයේ සිව්වැනි දිනයේ (3 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 339 ක් ලබා සිටියේය.
තේ පානය වන විට කඩුලු 4 කට ලකුණු 317 ක් ලබා සිටි එංගලන්තය කිසිදු අපහසුතාවකින් තොරවම ජයග්‍රහණය කරා යමින් සිටියේය. ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ට 332 ක් ව තිබියදී, ජේකබ් බෙතීල්ව දවාගත් ප්‍රසිද් ක්‍රිෂ්ණා, එයින් පන්දු 9 කට පසුව ජෝ රූට්ගේ ඉනිම අවසන් කළේ ඉන්දියානුවන්ට බලාපොරොත්තු ගෙන එමිනි. එහෙත් ඒ සමගම පැමිණි මන්දාලෝකය සහ වර්ෂාව හේතුවෙන් නතර කෙරුණු තරගය පස්වැනි දිනයටත් ඇදී ගියේය.
තරගය ජයගැනීමට එංගලන්ත පිලට අවසන් දිනයේදී ලකුණු 35 ක් අවශ්‍ය වන නමුත් ඔවුන් අත ඇත්තේ කඩුලු 4 ක් පමණි. ඉතිරිව තිබෙන කඩුලු 4 න් එකක් වන ක්‍රිස් වෝක්ස්ගේ අත උරමාවක එල්ලෙමින් තිබේ. ඔහු පන්දුවට පහර දෙන්නේ අවශ්‍ය වුවහොත් අවසන් පිතිකරුවා ලෙසින් පමණි.
අනෙක් අතට තවත් ඕවර 3.4 කට පසුව ඉන්දියානුවන්ට දෙවැනි නව පන්දුව ලබාගත හැකිවනු ඇත. එය ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ ඔද තෙද වඩවන්නකි.
ඇන්ඩසන් - තෙන්ඩුල්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද, තරගාවලියේ අවසන් දිනයේ අවසන් පන්දුව දක්වාම කිසිදු අනාවැකියක් කිව නොහැකිය. එංගලන්තයේ ජය හෝ ඉන්දියානුවන්ගේ අපරාජිත බව තීරණය කිරීමට කඩුලු 4 ක් හොඳටම ප්‍රමාණවත්ය.
ඉන්දියාව - පළමු ඉනිම 224
එංගලන්තය - පළමු ඉනිම 247
ඉන්දියාව - දෙවැනි ඉනිම 396
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 4 ට 317 යි
(සැක් ක්‍රෝලි 14, බෙන් ඩකට් 54, ඔලී පෝප් 27, ජෝ රූට් 105, හැරී බෲක් 111, මොහොමඩ් සිරාජ් 95/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 109/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.