Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට දැවැන්ත ජයක්

එංගලන්තයට දැවැන්ත ජයක්

editorial - 2021 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

බංග්ලාදේශ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් ජේසන් රෝයි (61) සහ ඩේවිඩ් මලාන් (නොදැවී 28) අබුඩාබියේදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 8 ක දැවැන්ත ජයක් කරා එංගලන්තය කැඳවාගෙන ගියහ.

බංග්ලාදේශය  ඕවර 20 කින් ලබාගත් ලකුණු 124 පසුකර යාමට කිසිඳු අනුකම්පාවකින් තොරව ලකුණු දඩයමේ ගිය එංගලන්ත පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 14.1 කි.

සුපිරි 12 දෙනාගේ වටයේදී බංග්ලාදේශ කණ්ඩායම පිට පිටම ලබාගත් දෙවැනි පරාජය මෙයයි. සහභාගි වූ තරග දෙකම ඉතා පහසුවේ ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම ලකුණු 3.164 ක ශූද්ධ ලකුණු වේගයකට හිමිකම් කියයි.

කල් බලමින් නොසිට, වේලාසනින්ම ලකුණු දඩයමට පිළිපන් එංගලන්ත පිතිකරුවෝ ප‍්‍රහාරාත්මක ඕවර 6 නිමාවන විටත් කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබාගත්හ. ජොස් බට්ලර් දැවී ගියද ජේසන් රෝයි සහ ඬේවිඞ් මලාන් එක්ව පන්දු 48 කදී ලකුණු 73 ක් එකතු කරමින් එංගලන්තය ජය මාවතට ගෙන ආහ.

පන්දු 38 කට මුහුණ දුන් ජේසන් රෝයි හතරේ පහර 5 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය. 11 වැනි  ඕවරයේදී ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ජේසන් රෝයි ගැසූ හයේ පහර සීමිත  ඕවර තරගයකදී අතිශය කළාතුරෙකින් දැකගත හැකි පහරකි.

මොයින් අලී, ටයිමල් මිල්ස් සහ ලයාම් ලිවිංග්ස්ටන් තිදෙනාගේ පන්දු යැවීම නිසා බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 124 කට සීමාකරගැනීමට එංගලන්ත නායක ඔයින් මෝගන්ට හැකිවිය. කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් නමුත් ප‍්‍රහාරාත්මක  ඕවර 6 ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 27 කට දැවීයාම හේතුවෙන් බංග්ලාදේශය පසු පාදයට වැටිණ.

කවදත් පිහිටට එන මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා දෙදෙනාම දැවීයාම නිසා  ඕවර 15 ක් නිමාවන විටම බංග්ලාදේශ කණ්ඩායම අමාරුවේ වැටී සිටියේය. මේ දෙදෙනා දැවී යාම හේතුවෙන් තරගයේ 10 වැනි සහ 15 වැනි  ඕවර අතර යැවුණු පන්දු 30 කින් බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 23 කි. බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ගියේ මුෂ්ෆිකුර් රහීම් පමණි.

හයවැනි  ඕවරයේදී සකිබ් අල් හසන් දැවීගිය නමුත් මුෂ්ෆිකුර් රහීම් සහ මහමදුල්ලා එක්ව ඉනිම ස්ථාවර කරමින් ඉනිමේ අඩක් නිමා වන විට ලකුණු පුවරුවට ලකුණු 60 ක් එක්කර තිබිණ. එහෙත් අවසන්  ඕවර 10 සිතූ ආකාරයෙන් සාර්ථක කරගැනීමට බංග්ලාදේශයට නොහැකි වූයේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ පන්දු රැුකීම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ටමකින් තිබූ බැවිනි


බංග්ලාදේශය -  ඕවර 20  කදී කඩුලූ 9 ක් දැවී 124 යි
(මුෂ්ෆිකුර් රහීම් 29, මහමදුල්ලා 19, නුරුල් හසන් 16, මෙහෙදි හසන් 11, නසුම් අහමඞ් නොදැවී 19, මොයින් අලී 18/2, ටයිමල් මිල්ස් 27/3, ලයාම් ලිවිංග්ස්ටන් 15/2)

එංගලන්තය -  ඕවර 14.1 කදී කඩුලූ 2 ක් දැවී 126 යි
(ජේසන් රෝයි 61, ජොස් බට්ලර් 18, ඩේවිඩ් මලාන් නොදැවී 28 යි)

 

 

 

- 213

 


අදහස් (1)

එංගලන්තයට දැවැන්ත ජයක්
  • wimal Wednesday, 27 October 2021 06:09 PM

    බංග්ලාදේශයට සුබපැතුම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.