Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය කි‍්‍රකට් ලෝලීහු පරාජයෙන් කුපිත වෙති

ඉන්දීය කි‍්‍රකට් ලෝලීහු පරාජයෙන් කුපිත වෙති

editorial - 2021 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම පාකිස්තානු පිල හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය පිලේ සිටින එකම මුස්ලිම් කී‍්‍රඩකයා වන මොහොමඞ් ශාමිට සමාජ මාධ්‍ය ඔස්සේ දෝෂාරෝපණ වර්ෂාවක් එල්ල වී තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැති තරගයේදී පාකිස්තානුවෝ කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලබාගත්හ.

පාකිස්තානු පිල කඩුලූ 10 කින් තරගය ජයගැනීමටත් සමගම ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැවැති බවත් වාර්තා විය. මෙය ලෝක කුසලාන තරගාවලියකදී  ඉන්දීය පිල හමුවේ පාකිස්තානය ලබාගත් පළමු ජයග‍්‍රහණයයි.

පාකිස්තානය 1947 දී ඉන්දියාවෙන් බෙදී වෙන්වීමෙන් පසුව, අසල්වාසීන් අතර යුද්ධ 3 ක් පැවැත්වී තිබේ. එබැවින් ඉන්දියාව සහ පාකිස්තානය අතර කි‍්‍රකට් තරග පැවැත්වෙන සෑම අවස්ථාවකදීම දෙරටේම කි‍්‍රකට් ලෝලීන්ගේ ලේ රත්වීම සාමාන්‍යය තත්ත්වයකි.

පාකිස්තානු කී‍්‍රඩකයන් තමන්ට වඩා ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළ බව ඉන්දීය නායක විරාට් කෝලි පිළින්නා නමුත් ඉන්දීය පිලේ පරාජයෙන් පසුව ඉන්දියානුවන් සියලූ දෙනාගේ ඉලක්කය වූයේ 31 හැවිරිදි මොහොමඞ් ශාමිය. මොහොමඞ් ශාමි ”ද්‍රෝහියෙක්” බවත් ඔහුව ඉන්දීය කණ්ඩායමෙන් පන්නා දැමිය යුතු බවත් කියමින් ශාමිගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමට පණිවුඩ සිය ගණනක් එවා තිබිණ.
 
ඉන්දියාව වෙනුවෙන්  ඕවර 3.5 ක් යැවූ මොහොමඞ් ශාමිගෙන් ලකුණු 43 ක් උදුරා ගැනීමට පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන බාබර් අසාම් (නොදැවී 68) සහ මොහොමඞ් රිස්වාන් (නොදැවී 79) සමත් වූහ. කෙසේ වෙතත් තවත් පිරිසකගේ අදහස වන්නේ මොහොමඞ් ශාමි වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන් නැගී සිටිය යුතු බවයි.

”ඉන්දීය කණ්ඩායම වෙතටයි. ඔබේම කණ්ඩායමේ සගයා වෙනුවෙන් පෙනී සිටීමට බැරිනම් ‘කළු ජීවිතත් වටිනවා’ කියමින් ඔබලා දණ බිම තබාගැනීමේ කිසිම තේරුමක් නෑ” යයි මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ හිටපු ප‍්‍රධාන ඇමති ඔමාර් අබ්දුල්ලා මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.
 
මේ අතරවාරයේදී පාකිස්තානයේ ජය සමරමින් ඉස්ලාමාබාද් සහ කරච්චි නගරවලදී වෙඩි තැබීම් ද පැවැත්විණ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු-කාශ්මීරයේ රතිඤ්ඤා දැල්විණ.

මේ අතර බංග්ලාදේශයේ දකුණු පළාතේදී තරගය නරඹමින් සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනකුට ඉන්දීය ජාතිකයන් පහර දුන් බවටද මාධ්‍ය වාර්තා පළවිය.

- 213

 


අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් ලෝලීහු පරාජයෙන් කුපිත වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.