
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා ඊයේ (4 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී ඕවර 20 තුළ ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ. දෙපිලේම පන්දු යවන්නෝ දැඩි ලෙස පහර කෑමකට ලක්වූ එම තරගයෙන් ඉන්දියාවට ලකුණු 30 ක ජයක් හිමිවිය.
මුම්බායි නුවර ඩී.වයි. පටීල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 20 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 53 ක් රැස්කළේය. තිලක් වර්මා පන්දු 19 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. පන්දු 23 කට මුහුණදුන් අක්සර් පටේල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.
මේ අතර බෙංගලූරු නුවර ඉන්දීය ක්‍රිකට් පාලක මධ්‍යස්ථාන පරිශයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකේ ඊයේ පැවැති තරග දෙකකදී ජය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සහ නැමීබියාව සමත් විය. එහිදී ඔවුන් හමුවේ පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ස්කොට්ලන්තය පරාජයට පත්විය. එහිදී ඇෆ්ඝනිස්ථානයේ ඊබ්‍රහීම් සද්‍රාන් (51), කොදෙව් පිලේ මැතිව් ෆෝඩ් (නොදැවී 52), ස්කොට්ලන්තයේ බ්‍රෙන්ඩන් මැක්මුලන් (95), නැමීබියාවේ ලෝරන් ස්ටීන්කැම්ප් (51) සහ ජෑන් ෆ්‍රෑන්ක්ලින් (88) අර්ධ ශතක ලබාගත්හ.
මුම්බායි නුවරදී ඉන්දියාවට ලකුණු 30 ක ජයක්
ඉන්දියාව පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 240
(ඉෂාන් කිෂන් 53, අභිෂේක් ශර්මා 24, තිලක් වර්මා 45, සූර්යකුමාර් යාදව් 30, අක්සර් පටේල් නොදැවී 35, රිංකු සිං 16, හර්දීක් පාණ්ඩ්‍යා 30)
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 210
(ඒඩ්න් මාක්‍රම් 38, රයන් රිකෙල්ටන් 44, ජේසන් ස්මිත් 35, ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී 45, මාකෝ ජැන්සන් 31, අභිෂේක් ශර්මා 32/2)
බෙංගලූරු නුවරදී ඇෆ්ඝනිස්ථානයට ලකුණු 23 ක ජයක්
ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 182
(රහ්මනුල්ලා ගුරුබාස් 43, ඊබ්‍රහීම් සද්‍රාන් 51, දර්විෂ් රසූලි 27, අස්මතුල්ලා ඔමර්සායි 35)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 159
(රෝමන් පවෙල් 32, ජේසන් හෝල්ඩර් නොදැවී 25, මැතිව් ෆෝඩ් නොදැවී 52, මුජීබුර් රහමන් 19/2, අස්මතුල්ලා ඔමර්සායි 33/2)
බෙංගලූරු නුවරදී නැමීබියාවට ලකුණු 6 ක ජයක්
නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 226
(ලෝරන් ස්ටීන්කැම්ප් 51, ජෑන් ෆ්‍රෑන්ක්ලින් 88, ජෙරඩ් එරස්මස් නොදැවී 33, ජේ.ජේ. ස්මිට් 22, රුබීන් ට්‍රම්ප්ලෙමාන් 25)
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 220
(මාක් වුඩ් 33, බ්‍රෙන්ඩන් මැක්මුලන් 95, රිචී බෙරින්ටන් 46, ටොම් බෘස් 20, මැක්ස් හෙයින්ගෝ 44/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.