Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවට ලකුණු 151 ක ජයක්

ඉන්දියාවට ලකුණු 151 ක ජයක්

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 151 කින් ජය ගැනීමට ඉන්දියාව අද (16 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක හඹාගිය එන්ගලන්තයට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණි. නායක ජෝ රූට් ලකුණු 33 ක්, ජොස් බට්ලර් ලකුණු 25 ක් මොයින් අලී ලකුණු 13 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමටවත් ඉන්දීය පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

තරගයේ අවසන් දිනය වන අද තේ පානය සඳහා තරගය නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 64 ක් ලබා සිටියද ඉතිරි කඩුලු 6 ලකුණු 56 ක් තුල දැවීයාමත් සමගින් එංගලන්තයට පරාජය උරුමවිය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් සිරාජ් කඩුලු 4 ක් ද, ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් ද, ඉෂාන්ත් ශර්මා කඩුලු 2 ක්  සහ මොහොමඩ් ශාමී කඩුල්ලක් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිමේ සියලු කඩුලු වේගපන්දු යවන්නන් සතුකර ගැනීමට සමත්වූහ.

මොහොමඞ් ශාමි (නොදැවී 56) සහ ජස්ප්‍රිට් බුම්රා (නොදැවී 34) දෙදෙනා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 89 ක සම්බන්ධතාව නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 272 ක් රැස්කරන ලෙස ඉන්දියානුවෝ එංගලන්තයට අභියෝග කළහ. 

ඉන්දීය දෙවැනි ඉනිමේදී 8 වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් ඉන්දියාව සතු වාසිය වූයේ ලකුණු 182 කි. එහෙත් එංගලන්ත වේග පන්දු යවන්නන්ට ඉවක් බවක් නොමැතිව පහර දුන් මොහොමඞ් ශාමි සහ බුම්රා දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩ නැංවීමත් සමගින් සටනක් දියහැකි ඉලක්කයක් වෙත ඉන්දීය නායකයාගේ අවධානය යොමු විය.

දිවා ආහාරයෙන් පසුව ඕවර කිහිපයකට මුහුණ දුන් ඉන්දීය පිතිකරුවෝ එතැනින් සිය ඉනිම අත්හිටුවා එංගලන්තයට අභියෝගය බාර කළහ.

එංගලන්ත දෙවැනි ඉනිමේ ආරම්භය විනාශකාරී එකක් වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩොමිනික් සිබ්ලි සහ රෝරි බර්න්ස් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය බැවිනි. වසර 5 කට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන හසීබ් හමීඞ්ද ලකුණු 9 කට දැවී ගිය අතර තේ පානයට පන්දු කිහිපයක් තිබියදී ජොනී බෙයාර්ස්ටෝ දැවී ගියේ කඩුල්ල මුවා කිරීමට හසුවීමෙනි.

මෙතැන් සිට එංගලන්තයේ ගමන අසීරු විය.

 

ඉන්දියාව - පළමු ඉනිම 364
එංගලන්තය - පළමු ඉනිම 391
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 298
එංගලන්තය - දෙවැනි ඉනිම සියලුදෙනා දැවී 120

(ජෝ රූට් 33, ජොස් බට්ලර් 25, 
මොහොමඩ් සිරාජ් 32/4, ජස්ප්‍රීට් බුම්රා 33/3, ඉෂාන්ත් ෂර්මා 13/2)


 

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

- 213


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 151 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.