Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට රිදෙන්නටම පහර දුන් ඉන්දියානුවෝ බැංගලූරු නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීම සඳහා හැකිනම් ලකුණු 447 ක් ලබාගන්නා ලෙස සංචාරක පිතිකරුවන්ට අභියෝග කළහ. එහෙත් පළමු ඕවරයේදීම කඩුල්ලක් අහිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, දෙවැනි දිනය වූ අද (13 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 28 ක් ලබා මහත් සේ අසරණව සිටියේය.
තරගයේ තවත් දින 3 ක් එහෙම පිටින්ම ඉතිරිවී තිබුණද ශ්‍රී ලංකාව බෙල්ල මුලින් සිරවී තිබේ.
සෙනසුරාදා ආරම්භ වූ තරගයේදී ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 252 න් ලබාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 109 කට සීමා කළ ඉන්දියානුවෝ අද සවස සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 303 ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ලකුණු 450 සීමාව ආසන්නයටම ගෙන යමිනි.
වසර 40 ක් පුරා, ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක කපිල් දේව් සතුව තිබූ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තාව (පන්දු 30 කින්) දෙවැනි ඉනිමේදී ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ රිෂාබ් පාන්ට් විසින් අත්පත් කරගන්නා ලදි. පන්දු 28 කින් සිය අර්ධ ශතකය ලබාගත් පාන්ට්ගේ ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය.
ඉන්දීය දෙවැනි ඉනිමේදීත් වික්‍රමාන්විත පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පැය දෙක හමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින්, පන්දු 87 කින් ලකුණු 67 ක් ලබාගත්තේ තරගයේ වීරයා සම්මානය කල්තියාම වෙන්කර ගනිමිනි. මුල් ඉනිමේදීත් ලකුණු 92 ක් ලබාගත් ශ්‍රෙයාස් අයියර්, බැංගලූරුවේදී ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ගේ උජාරුව බිමටම ඇද දැම්මේය.
සිය උස මැනවින් උපයෝගී කරගනිමින් ලසිත් ඇඹුල්දෙණිය පන්දුවෙන් හොඳ ඉපිළීමක් ලබාගත් අතර පන්දුවේ වේගය වැඩිකරමින් ප්‍රවීන් ජයවික්‍රම ඉතාම පහතින් පන්දුව යැවීය. මේ දෙදෙනාගේම අසීරු පන්දු සමග ගනුදෙනු කළ නමුත් ඔවුන්ගේ දුර්වල පන්දු වලින් ලකුණු උදුරා ගැනීමට ඉන්දීය පිතිකරුවෝ පසුබට නොවූහ.
පාදයේ වළලුකර ආබාධයක් හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම පිටියෙන් ඉවත්ව ගිය නමුත් නැවතත් පැමිණ කඩුලු 4 ක්ම දවාගත් අතර ඇඹුල්දෙණියගේ නමට ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් විය.
වසර 12 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ සුරංග ලක්මාල් සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූවද තරගය පුරාම ඔහුට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි.
දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම භයංකාර සිහිනයක් වන් තණතීරුවක, අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින් එක්ව ලකුණු 23 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ අවසන් පිතිකරුන් හතර දෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. ඕවර 10 කදී ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා, ශ්‍රී ලංකාවේ මුල් ඉනිම විනාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.