Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පතව්දි කුසලාන ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගයේදී ලකුණු 354 ක වාසියක් රඳවාගෙන සිටි එංගලන්තය තුන්වැනි දිනයේදී ආරම්භක පිතිකරුවන් පිටියෙන් ඉවත්කර දැමූ නමුත් ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිමේදී ධෛර්යවත් ගමනක යෙදී සිටිති. තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 215ක් ලබා සිටියේය.
චෙටේස්වාර් පුජාරා නොදැවී ලකුණු 91 ක් ලබා සිටි අතර විරාට් කෝලී නොදැවී ලකුණු 45 ක් ලබා සිටියේය. පුජාරා සහ කෝලී අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 99 කි.
දෙවැනි කඩුල්ල සඳහා පුජාරා සමගින් එක්ව ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රෝහිත් ෂර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඔලී රොබින්සන් සමත්විය. මිනිත්තු 221 ක කාලයක් කඩුල්ලේ රැඳීසිටි ෂර්මා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් ඉන්දියාවට ධෛර්යවත් ගමනක් යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්විය.
ක්‍රෙග් ඔවර්ටන්ගේ පස්වැනි ඕවරයේදී ලෝකේෂ් රාහුල්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ස්ලිප් කලාපය හරහා ඇදී යද්දී ඉස්සෙකු මෙන් ඒ වෙත පැන්න ජොනී බෙයාර්ස්ටෝ වම් අතින් උඩපන්දුව ඩැහැගත්තේය. සිය මුල් ඉනිමේදී ලකුණු 432 ක් ලබාගත් එංගලන්තය, තරගයේ හරි අඩක් ඉතිරිව තිබියදීම ඉන්දියාවට වඩා ලකුණු 354 ක් ඉදිරියට පැනගත්තේය. එහෙත් සටන අත නොහළ ඉන්දියානුවෝ අද තරගය නතර කරන විට එංගලන්තයේ වාසිය 139 දක්වා අඩුකර තිබූ අතර ඔවුන් කඩුලු 8 ක් අතැතිව සිටිති.
දෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 423 ක් ලබා සිටියේ ලකුණු 345 ක වාසියක් රඳවා ගනිමිනි. එහෙත් අද පෙරවරුවේ තරගය ආරම්භ වී ඕවර 3.2 ක් (පන්දු 20 ක්) ඇතුළත ඔලී රොබින්සන් සහ ක්‍රෙග් ඔවර්ටන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ඉන්දීය පන්දු යවන්නෝ එංගලන්ත පිතිකරුවන්ට අද දිනයේදී ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 09 ක් පමණි.
එංගලන්ත නායක ජෝ රූට් ලබාගත් විශිෂ්ට ශතකය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම මෙම ස්ථාවරය අත්කරගෙන සිටී. මෙම තරගාවලිය ආරම්භයේ සිටම, ඉන්දීය පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙන ජෝ රූට් මේ දක්වා ඉනිම 5 කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 507 කි. නොටිංහැම්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිට ඔහුගේ ලකුණු ලබාගැනීම් වාර්තා වන්නේ 64, 109, නොදැවී 180, 33 සහ 121 ක් ලෙසිනි.
ලකුණු 95 කට කඩුලු 4 ක් දවාගත් මොහොමඞ් ශාමි ඉන්දීය පිලේ සාර්ථකම පන්දු යවන්නා විය.
ඉන්දියාව - පළමු ඉනිම 78 යි
එංගලන්තය - පළමු ඉනිම 432
(රෝරි බර්න්ස් 61, හසීබ් හමීඩ් 68, ඩේවිඩ් මැලන් 70, ජෝ රූට් 121, ජොනී බෙයාර්ස්ටෝ 29, සෑම් කරන් 15, ක්‍රෙග් ඔවර්ටන් 32, ජස්ප්‍රීට් බුම්රා 59/2, මොහොමඩ් ශාමි 95/4, මොහොමඩ් සිරාජ් 86/2, රවීන්ද්‍ර ජදේජා 88/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 215 යි
(රෝහිත් ෂර්මා 59, චෙටේස්වාර් පුජරා නොදැවී 91, විරාට් කෝලී නොදැවී 45, ක්‍රෙග් ඔවර්ටන් 35/1, ඔලී රොබින්සන් 40/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.