Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවන්ද සාජා සිට...)
කාලාන්තරයක් පුරා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ අංක 3 ස්ථානයේ පැවැති ගැටලුව, චරිත් අසලංක විසඳු බව භානුක රාජපක්ෂ පවසයි. බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තරග තහනමකට ලක්වීමෙන් පසුව අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ අංක 3 ස්ථානය සඳහා අත්හදා බැලුවද ඔවුන් කිසිවකුට එම ස්ථානයේ සාර්ථක වීමට නොහැකි විය.
“අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ලෝක කුසලාන තරගාවලියට එන්න කලින් ඉදලම අංක 3 ස්ථානයට සුදුසු ක්‍රීඩකයකු හොයාගන්න බැරුව අපි ලොකු ප්‍රශ්නෙකට මුහුණදීලයි හිටියෙ. ඇතැම් අවස්ථාවල පුහුණුකරුවන් මාව පවා එම ස්ථානයේ අත්හදා බැලුවා. ඒත් ඒක දිගටම රැදී ඉන්න පහසු ස්ථානයක් නෙමෙයි.”
“එතන පන්දුවට පහරදෙන කෙනාට ලකුණු පුවරුව අධ්‍යනය කරමින්, එක් එක් අවස්ථාවන්ට අනුව හැඩ ගැහෙමින් පන්දුවට පහර දෙන්න සිදුවෙනවා. අපි ඊයේ තරගය ගත්තොත් වේලාසනින්ම කුසල් දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු පීඩනයක් එල්ල වුණා. චරිත් තමයි අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඒ වෙලාවෙ අපිව පීඩනයෙන් මුදවා ගත්තෙ.” යැයි එහිදී භානුක කියා සිටියේය.
පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ (1) කඩුල්ල බිඳ දැමූ නසුම් අහමඩ්, ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්කිරීමට උත්සහ ගත්තේය. එහෙත් එම පීඩනය යළිත් බංග්ලාදේශ කණ්ඩායම දෙසට හැරවූ අසංලක, තෙවැනි ඕවරයේදී අහමඩ්ට ඩීප් එක්ට්‍රා කවර් කළාපයට ඉහළින් සහ ඩීප් ස්ක්වෙයාර් ලෙග් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහර 2 කින් සංග්‍රහ කළේය.
ලකුණු 79 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී චරිත් (නොදැවි 80) සහ භානුක (53) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්හ. එහිදී තරමක් සෙමින් ඉනිම ඇරඹූ භානුක, මොහොමඩ් සයිෆුඩීන් යැවූ 16 වැනි ඕවයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කරමින් සිය ප්‍රහාරය ආරම්භ කළේය. සිය පිතිහරඹය සම්බන්ධයෙන් අදහස් දක්වමින් භානුක මෙසේ කිය.
“සාජා ක්‍රීඩාංගණයේ එක පැත්තක හතරේ සීමා ටිකක් ලඟයි. ඉතින් මමයි, චරිතුයි කතා වුණා බංග්ලාදේශ මඳවේග පන්දු යවන්නා (මොහොමඩ් ශයිෆුඩීන්) පන්දු යවනකොට ඒ පැත්තට ගහමු කියලා. ඒ වෙනකොට චරිත් ස්ථාවර වෙලා හිටියෙ. ඒ නිසා මම ඔහුට කිව්වා අනිත් පැත්තෙන් මම අවදානමක් අරගෙන හයියෙන් ගහන්නම් කියලා. එක ඕවරේකට ලකුණු 15 ක් 20 ක් ආවනම් ඉතුරු ඕවර ටික සෙල්ලම් කරන්න අපිට පහසු වෙනවා කියලා මම දැනගෙන හිටියා.” යැයි භානුක පැවසීය.
නෙදර්ලන්ත තරගය අතරතුර ඇලපතේ ආබධයකට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ වෙනුවට බංග්ලාදේශ තරගය සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවිම සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී භානුක අදහස් දැක්වීය. එහිදී ඕවර 3 ක් යැවූ බිනුර ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 27 ක් ලබාදෙමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම්ගේ (62) කඩුල්ල දවාගත්තේය.
“සාජාවල කලින් මැච් එක ක්‍රිඩා කරද්දිත් අපි දැකපු දෙයක් තමයි දඟ පන්දුවලට වඩා වේග පන්දුවලට ගහන්න ටිකක් අමාරු වුණා කියන එක. බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගෙන් හුඟක් අය වමත් පිතිකරුවෝ. ඒ වගේම එයාලා පන්දුව කකුලෙ වද්දගන්නවා ටිකක් වැඩියි. බිනුර කියන්නේ පන්දුව දෝලනය කරන පන්දු යවන්නෙක්. මම හිතනවා ඒ ගැන හිතලා වෙන්න ඇති බිනුරව කණ්ඩායමට කැඳවන්න ඇත්තෙ කියලා.” යැයි භානුක පැවසීය.
SL Tuesday, 26 October 2021 09:34 AM
අර එංගලන්තේ වීඩියෝ එක කරපු මොහොමඩ් මල්ලි... ඔයාත් එක්කෙනෙක් මේ සාර්ථකත්වයට....
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.