Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. තරගාවලිය යළි ඇරඹීමේ සාකච්ඡා
ඉන්දු - පාකිස්තානු යුද්ධය

අයි.පී.එල්. තරගාවලිය යළි ඇරඹීමේ සාකච්ඡා

editorial - 2025 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලිය නැවතත් ආරම්භ කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් ඉරිදා (11 වැනිදා) රැස්ව සාකච්ඡා කිරීමට සූදානමින් සිටියහ.

ඉන්දීය රජයේ අනුමැතිය හිමිවේ නම් මැයි මස 15 වැනිදා අයි.පී.එල්. තරගාවලිය යළි ආරම්භ කිරීමට හැකි වෙතැයි ඉන්දීය ක්‍රිකට් බලධාරීහු විශ්වාසය පළකරති. 

ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල්ය. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැදිහත්වීම මත ඉන්දියාව සහ පාකිස්තානය සෙනසුරාදා එදිරිවාදිකම් නතර කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා මහතා කියා සිටියේ වෙනස්වෙමින් පවතින තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

තරගාවලියේ සියලුම කොටස්කරුවන්ගෙන් සහ රජයේ බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලිය නැවත ආරම්භ කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව සයිකියා මහතා වැඩිදුරටත් පැවසීය.

පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල් අතර පසුගිය බ්‍රහස්පතින්දා ධරම්ශාලාහිදී පැවැති තරගය හදිසියේම අතහැර දැමීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලිය සතියකට අත්හිටුවන ලදී. 

ධරම්ශාලා නගරය ආසන්නයේ තිබූ ගුවන් අවකාශය වසා දැමීම නිසා ක්‍රීඩකයින් දිල්ලියට ආපසු පැමිණියේ බස්රථ වලින් සහ ජලාන්දාර් සිට පැමිණි විශේෂ දුම්රියකිනි. ඔවුන් අතර සිටි විදේශීය ක්‍රීඩකයෝ සෙනසුරාදා සිය රට බලා යාමට පටන් ගත්හ.

තරගාවලියේ මූලික වටයේ තවත් තරග 12 ක් ඉතිරිව තිබෙන අතර අවසන් වටයේ තරග 4 ක් ඉතිරිව තිබේ. අවසන් තරඟය මැයි 25 වන දිනට නියමිතව තිබුණි.

- 213


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලිය යළි ඇරඹීමේ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.