Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වහාම ක්‍රියාත්මක වන පරිදි “සතියක කාලයක් සඳහා” අයි.පී.එල් තරගාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (9 වැනිදා - සිකුරාදා) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශසීමා අර්බූදය වඩ වඩාත් උණුසුම්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
“තරගාවලියේ ඉදිරිගමන සම්බන්ධයෙන් එහි නිලධාරීන් සහ කොටස්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තවත් කරුණු නිවේදනය කෙරෙනු ඇත. ඒ අනුව තරඟාවලියේ සංශෝධිත කාලසටහන සහ තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳ ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත”යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සටහන් කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ කණ්ඩායම් හිමිකරුවන්, ක්‍රීඩකයින්ගේ නියෝජිතයන්, අනුග්‍රාහකයන්ගේ හා රසිකයන්ගේ අදහස් මෙන්ම තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගම් සමගද සාකච්ඡා කිරීමෙන් පසුවය.
“අපගේ සන්නද්ධ හමුදාවල ශක්තිය සහ සූදානම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පූර්ණ විශ්වාසය තබා ඇතත්, අයි.පී.එල්. තරගාවලියේ සියලුම කොටස්කරුවන්ගේ සාමූහික අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියා කිරීම වඩාත් ප්‍රඥාගෝචර බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදහස් කරයි” යයි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා මහතා සිය නිවේදනයේ සටහන් කර තිබේ.
අයි.පී.එල්. තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටවූ බව සිකුරාදා (9 වැනිදා) පස්වරු 2.40 ට පමණ නිවේදනය කිරීමට පොරතුව ඒ සම්බන්ධයෙන් සියලුම කණ්ඩායම්, කණ්ඩායම් හිමිකරුවන් සහ ක්‍රීඩකයන්ට දැනුම් දී තිබිණ.
සියලුම කණ්ඩායම් දැනටමත් විසුරුවා හැරීම ආරම්භ කර තිබේ. විදේශීය ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුනොවුන්ගේ කණ්ඩායම් හිමිකරුවන්ගේ සහාය ඇතිව ඉන්දියාවෙන් පිටතට හෝ අභ්‍යන්තර ගුවන් ගමන් වෙන්කරවාගනු ඇත.
2025 අයි.පී.එල්. තරගාවලියේ 58 වැනි තරගය ලෙසින්, පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් පිල අතර බ්‍රහස්පතින්දා (8 වැනිදා) රාත්‍රියේ පැවැති තරගය හදිසියේම අතහැර දැමීමට සිදුවිය. මෙම තරගය පැවැති ධරම්ශාලා ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය හදිසියේම ඇණහිටි අතර පළමුව වාර්තා වූයේ එය තාක්‍ෂණික දෝෂයක් බවයි. එහෙත් පසුව දැනගත හැකිවූයේ ආරක්‍ෂක හේතූන් සම්බන්ධයෙන් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය නිවා දැමීමට බලධාරීන් පියවර ගත් බවයි.
ධරම්ශාලා ගුවන් තොටුපොළ සහ ඒ ආසන්නයේ තිබූ අනෙකුත් ගුවන් තොටුපොළ වසාදමා තිබූ තිබිණ. එබැවින් තරගය අතහැර දැමීමෙන් පසුව පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ ධරම්ශාලා නුවර සිට සිට ජලාන්දාර් දක්වා කිලෝ මීටර 161 ක දුරක් බස් රථ වලින් පැමිණ එතැන් සිට දුම්රියෙන් දිල්ලිය බලා පැමිණියහ.
ධරම්ශාලා යනු හිමාලය කඳු පන්තිය පාමුළ පිහිටි නගරයකි.
මේ අතර අයි.පී,එල්. තරගාවලියට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ද දැඩි අවධානය යොමුකර තිබේ.
2025 අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේදී තවත් තරග 12 ක් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති අතර එතැන් සිට අවසන් වටයේ තරග ආරම්භ වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.