Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අභිෂේක් - සූර්යකුමාර් ඉන්දියාව දිනවති

අභිෂේක් - සූර්යකුමාර් ඉන්දියාව දිනවති

editorial - 2026 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ගුවහටි නුවරදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව ඊයේ (25 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 20 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. එහිදී ඉන්දියාව වෙනුවෙන් දෙවැනි වේගවත්ම (පන්දු 14 කින්) විස්සයි-20 අර්ධ ශතකය ලබාගැනීමටද ඔහු සමත් විය. 

ලකුණු 53 කට කඩුලු 2 ක් බිඳ වැටීමෙන් අනතුරුව නායක සූර්යකුමාර් යාදව් (නොදැවී 57) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 40 කදී ලකුණු 102 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද අභිෂේක් සමත් විය. පන්දු 26 කදී වාර්තා වූ සූර්යකුමාර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. ඉෂාන් කිෂන් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක ලබාගත් අතර එහිදී නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් පන්දු 40 කින් ලකුණු 48 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. මාක් චැප්මන් පන්දු 23 කදී ලකුණු 32 ක්ද, නායක මිචෙල් සෑන්ට්නර් පන්දු 17 කදී සමග ලකුණු 27 ක්ද බැගින් රැස්කළහ.  


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 153 
(ග්ලේන් පිලිප්ස් 48, මාක් චැප්මන් 32, මිචෙල් සෑන්ට්නර් 27, ජස්ප්‍රීට් බුම්රා 17/3, රවී බිෂ්නෝයි 18/2, හර්දික් පාණ්ඩ්‍යා 23/2) 

ඉන්දියාව - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 154 
(අභිෂේක් ශර්මා නොදැවී 68, ඉෂාන් කිෂන් 28, සූර්යකුමාර් යාදව් නොදැවී 57) 

-036 


අදහස් (0)

අභිෂේක් - සූර්යකුමාර් ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.