Last Update  :  2021-12-01 21:42:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව International එල්.පී.එල් තරගාවලියට තීරකවරුන් 4 ක්

එල්.පී.එල් තරගාවලියට තීරකවරුන් 4 ක්

editorial - 2021 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තීරකවරුන් ...

(රොෂාන් ගුණරත්න)

ලංකා ප‍්‍රීමියර් ලීග් දෙවැනි තරගාවලිය සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප‍්‍රධානී රන්ජන් මඩුගල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරග තීරකවරුන් 4 දෙනෙකු නම්කර තිබේ. ඊට අමතරව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ඉහළම කාණ්ඩයේ විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විනිසුරුවරුන් 11 දෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලි 8 කදී තරග තීරකවරයකු ලෙස කටයුතු කර ඇති රංජන් මඩුගල්ල මහතා, 1999, 2003, 2015, 2019 සහ පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන ඇතුළු තරගාවලි 5 කදී අවසන් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ. තවත් ලෝක කුසලාන තරගාවලි 5 ක අවසන් තරගය තීරණය කිරීමට ඔහුට නොහැකි වූයේ ඒවායේදී අවසන් මහ තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත් බැවිනි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ජාත්‍යන්තර කාණ්ඩයේ තරග තීරකවරුන් වන ග‍්‍රැහැම් ලැබ්රෝයි සහ වෙන්ඞ්ල් ලැබ්රෝයි මහත්වරුන් සමගින් පළමු පෙළ තරග තීරකවරයකු වන මනෝජ් මෙන්ඩිස් මහතාද මෙවර ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ තරග තීරකවරුන්ගේ කණ්ඩායමට එක්ව සිටිති.

2012 සහ 2018 වසර වලදී වසරේ හොඳම අන්තර්ජාතික කි‍්‍රකට් විනිසරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය හිමිකරගත් ඉහළම කාණ්ඩයේ විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතා සමගින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාෙවේ ජාත්‍යන්තර කාණ්ඩයේ විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, රවින්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප‍්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් මෙවර ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ විනිසුරුවරුන්ගේ කණ්ඩායමට එක්ව සිටිති.

ඊට අමතරව පළමු කාණ්ඩයේ පළමුපෙළ විනිසුරුවන් වන දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි යන මහත්වරුන්ද මෙවර ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ විනිසුරු මඩුල්ලට එක්වෙති.

තරග තීරකවරුන් වන ග‍්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඞ්ල් ලැබ්‍රෝයි ද, විනිසුරුවන් වන රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි මෙවර තරගාවලියට එක්වන සහෝදරයෝ වෙති.

එල්.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග දෙසැම්බර් 5 වැනිදා සිට 17 වැනිදා දක්වා ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කඩයිම් තරග 3 ඇතුළුව අවසන් මහ තරගය දෙසැම්බර් 20 සිට 23 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් 24 වැනිදා අතිරේක දිනයක් ලෙස නම්කර ඇත.

 

විනිසුරු මණ්ඩලය


අදහස් (0)

එල්.පී.එල් තරගාවලියට තීරකවරුන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.