Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner රග්බි එදිරිවාදීකම කි‍්‍රකට් පිටියටත්

රග්බි එදිරිවාදීකම කි‍්‍රකට් පිටියටත්

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දවස් 42 කට පසුව, තරග 48 කට පසු, ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයන් වන ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අවසන් මහ තරගයට මුහුණ දෙති. එහි ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන්නේ කි‍්‍රකට් ලොව අද්වීතීය ත්‍යාගයයි.

ඕස්ටේ‍්‍රලියාව සිය පස්වැනි ලෝක කුසලානය හඹා යද්දී වසර 40 කට පසුව අවසන් මහ තරගයට සුදුසුකම් ලද නවසීලන්තය පළමු වතාවට ලෝක කුසලානයක ජයපැන් බීමේ පවසින් පසුවෙයි. තරගය පැවැත්වෙන්නේ ලෝකයේ කී‍්‍රඩා කේන්ද්‍රස්ථානය ලෙසින් අවිවාදයෙන් හැඳින්විය හැකි මෙල්බර්න් නුවර, සියවස් එක හමාරකට ආසන්න ඉතිහාසයක් ඇති මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීය.

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණය අතුරු සිදුරු නැතිව පිරීගිය මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී නරඹන්නන්ගේ ඔල්වරසන් දීම තරම් පි‍්‍රය උපදවන දර්ශනයක් තවත් නැති තරම්ය. ඇත්තේ නම් ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයේදී බ‍්‍රසීලය හෝ ජර්මනිය වෙනුවෙන් ඔල්වරසන් දීමයි. නැතහොත් ඔලිම්පික් තරගයකදී මීටර 100 අවසන් මහ තරගයක ලෝක වාර්තාව හඹා යමින් සිටින ධාවකයා වෙනුවෙන් ඔල්වරසන් දීමයි. නිල වශයෙන් ගතහොත් නරඹන්නන් 92,000 කට අසුන්ගත හැකි නමුත් අවශ්‍ය අවස්ථාවක එහි පේ‍්‍රක්‍ෂක පිරිස 100,000 ඉක්මවා වුවද ගෙනයා හැකි පහසුකම් මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ තිබේ.

අවසන් මහ තරගයේ සියලූම ප‍්‍රවේශපත් විකිණී අවසන් වී ඇති නමුත් අවසන් මහ තරගයේ ප‍්‍රවේශපත් මිලදී ගත් ඉන්දීය ජාතිකයන් වැඩිදෙනකු අවසන් මහ තරගය සඳහා තමන් මිලදී ගත් ප‍්‍රවේශපත් විකුණා දැමීමට උත්සාහ කරමින් සිටි බව ඊයේ (28 වැනිදා) වන විට දැනගන්නට ලැබිණ.

ඉන්දීය කි‍්‍රකට් ලෝලීන් අවසන් මහ තරගය නැරඹීමට පැමිණියත් නැතත් තට්ටු 7 කින් සමන්විත මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්‍ෂකාගාර සියල්ලම කහ සහ කළු පැහැ කොඩි වලින් සමන්විත වනු නියතය. ඒවා නොතිබෙන තැනක් වෙතොත් ඒ මාධ්‍ය කුටිය පමණි.
 
වර්ණ සහ උද්යෝගය
මෙල්බර්න් නගරය ආසන්නයේ එකම හෝටලයකවත් කාමරයක් ඉතිරි වී නැත. නවසීලන්තයේ කි‍්‍රකට් ආධාරකරුවන්ගේ කණ්ඩායම වන ‘බේජ් බි‍්‍රගේඞ්’ හෙවත් ‘වැලි කුණාටුව’ අද තරගය වෙනුවෙන් අලූත්ම ආකාරයේ සටන්පාඨ සූදානම් කරගෙන තිබේ. ‘වැලි කුණාටුවේ’ කණ්ඩායම පමණක් 3000 ඉක්මවන්නකි.  

ඕස්ටේ‍්‍රලියානු ආධාරකරුවන්ගේ උන්මාදනීය කැකොස්සන් ගැසීම් මැඩපවත්වන්නට ‘වැලි කුණාටුවට’ හැකිවේද යන්න උත්තර සෙවිය යුතු ප‍්‍රශ්නයකි.

ඒ කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගි වූ රටවල් 14 කින්  ඕස්ටේ‍්‍රලියාවට ගෙන ආ වර්ණ සංයෝජනයත්, කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ වූ උන්මාදනීය වූ ආදරයත්  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ ප‍්‍රධාන නගර වල තවත් කාලයක් පුරා රැුඳී තිබෙනු ඇත. කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් වෙනත් ජාතීන් විසින් දක්වනු ලබන මෙම හෘදයාංගම බැඳීම, කි‍්‍රකට් කී‍්‍රඩාව පමණක් නොව, තවත් දහසකුත් එකක් කී‍්‍රඩා ඇති  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ ජීවත්වන්නන්ගේ මහත් විමතියට හේතුවක්ද විය හැකිය.

පොල්අඩි කාරයන්ගේ වැඩ
ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේගකාරී පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ බ්‍රෙන්ඩන් මැකලම් වුවත් මැකලම් කිසි සේත්ම පොල් අඩිකාරයෙක් නම් නොවේ. එය මැකලම්ගේ විශිෂ්ට පිතිහරඹයට කරනු ලබන අසාධාරණයකි. ඔහු ඉතාමත් අලංකාර පිතිකරුවෙකි. කේන් විලියම්ස් විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු වන අතර රොස් ටේලර් ඇතැම්විට ඔහුගේ හෙඳම දස්කම් අවසන් මහ තරගය සඳහා ඉතිරිකර තබාගෙන තිබෙනවා වන්නට පිළිවන.

කෙසේ වෙතත් අවසන් මහ තරගයේ නියම තරගය ඇත්තේ නියම පොල් අඩිකාරයන් වන  ඕස්ටේ‍්‍රලියානු පිලේ ඒරන් ෆින්ච්, ග්ලෙන් මැක්ස්වෙල් සහ මිචෙල් ජොන්සන් මෙන්ම නවසීලන්තයේ කෝරි ඇන්ඩසන්,  ග‍්‍රාන්ට් එළියට්, ලූක් රොන්කි සහ ටිම් සවුති වැනි අය අතරය. තරගයේ වෙනස ඇතිකරනු ලබන්නේ ඔවුන් විසිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග 48 කදී පිතිකරුවන් ගැසූ හයේ පහර සංඛ්‍යාව 450 ඉක්මයි. එය තරගයක් සඳහා හයේ පහර 9 කට වැඩි සංඛ්‍යාවකි.

සැබෑ වීරයකුගේ නික්මයාම
අද පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගය  තමන්ගේ අවසන් එක්දින තරගය බව  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් ඊයේ නිවේදනය කළේය. එහෙත් ඇලන් බෝඩර්, ස්ටීව් වෝ සහ රිකී පොන්ටිං වැනි ලෝක කුසලාන දිනාගත් නායකයන් සමග එකම පේලියේ අසුන් ගැනීමට මයිකල් ක්ලාක්ද ඇ`ගිළි ගනිමින් සිටී.

90 දශකයේදී සිය පළමු එක්දින තරගය කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් අතුරින් දැනට කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින එකම කී‍්‍රඩකයා වන ඩැනියෙල් විටෝරිද මෙම තරගයෙන් අනතුරුව බොහෝ විට විශ‍්‍රාම සුවය සෙවීමට ඉඩ තිබේ. වයසින් 36 හැවිරිදි වුවද විටෝරිගේ කී‍්‍රඩාව නම් තවමත් වියපත් වී නැත. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකට මාලන් සැමුවෙල්ස් දුන් උඩපන්දුව විටෝරි විසින් රැුකගන්නා ලද ආකාරය දුටු අයකුට ඒබ ව පැහැදිළි වනු නිසැකය.

ඕස්ටේ‍්‍රලියා - නවසීලන්ත එදරිවාදිකම
ඕස්ටේ‍්‍රලියාව මෙන්ම නවසීලන්තයද තමන් ඉතාමත් විශිෂ්ට කී‍්‍රඩා සම්ප‍්‍රදායක් ඇති ජාතීන් බව පුන පුනා කියති. මෙම රටවල් දෙක අතර බොහෝ විට දැඩි සටනක් පවතින්නේ රග්බි පිටියේදීය. අන්තර්ජාතික රග්බි පිටියේදී ඉතාමත් ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය එකිනෙකා පරයා යාමට දක්වන්නේ ඇදහිය නොහැකි උද්යෝගයක් වුවත් කි‍්‍රකට් ලෝක කුසලාන තරග වලදී  ඕස්ටේ‍්‍රලියාවට 6-3 ක වාසියක් තිබේ.

බ්‍රෙන්ඩන් මැකලම් සහ මයිකල් ක්ලාක් දෙදෙනා අතර මෙන්ම කණ්ඩායම් දෙක අතරද ඉතාමත් හොඳ මිත‍්‍රත්වයක් ඇති නමුත් දෙපිලම කරන්නේ වෘත්තීය කී‍්‍රඩාවකි. එබැවින් දෙපිලම ජයග‍්‍රහණය සොයා යාමට උත්සාහ කරද්දී දෙරටේ පේ‍්‍රක්‍ෂකයන් අතර පවතින්නේද එකිනෙකා පරයා ඉස්මතු වීමේ දැඩි උවමනාවකි.

කාලයේ තාලය
වසර 2009 පෙබරවාරි මාසයේ සිටම නවසීලන්ත කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාවේදී එක්දින තරගයකට සහභාගි වී නැත. කාලය අනුව නවසීලන්ත කණ්ඩායමක්  ඕස්ටේ‍්‍රලියාවේදී එක්දින තරගයකට සහභාගි වන්නේ වසර 6 කට පසුවය. එනම් මාස 72 කට පසුව. එය දිග කාලයකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී නවසීලන්ත නායකයා සිය කණ්ඩායම මෙල්බර්න් කී‍්‍රඩාංගණයට කැඳවාගෙන ගියේ යම් හෙයකින් තමන් ලෝක කුසලාන අවසන් මහ  තරගයට සුදුසුකම් ලබාගතහොත් අවසන් තරගයේ කී‍්‍රඩා කිරීමේදී මුහුණ දියහැකි අභියෝගයන්ට හුරුවීම සඳහාය.
තමන්ගේ රටේදීම එක දිගට පැවැත්වෙන තරග 8 ක් ජයගැනීමෙන් පසුව මෙල්බර්න් වැනි දැවැන්ත කී‍්‍රඩාංගණයකට පිවිසෙන නවසීලන්ත පිතිකරුවන්ට හයේ පහර ගැසීමේදී තරමක් පරෙස්සම් වීමට සිදුවනු ඇත.

වමතින් වේග පන්දු යවන්නෝ
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූ දා පටන්ම එහි පාලනය අතට ගෙන සිටියෝ වමත් වේග පන්දු යවන්නෝ වෙති. ඉන්දියාවත් සමග පැවැති අවසන් පූර්ව තරගය කණපිට හැරවූ මිචෙල් ජොන්සන් තමන් අවස්ථාවෝචිතව පන්දු යවන බව පෙන්නුම් කළද ඔහුට හොඳම සහයෝග දුන්නේ තවත් වමත් වේග පන්දු යවන්නකු වන මිචෙල් ස්ටාක්ය. ඒ ඉන්දීය පිතිකරුවන් වෙත වමතින් නොව, වදනින් බවුන්සර් යවමිනි. අවසන් තරගයට පෙර, ස්ටාක් විසින් මෙම තරගාවලියේදී දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 20 කි.

තරගාවලියේ වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නා වන්නේ නවසීලන්තයේ ටෙ‍්‍රන්ට් බෝල්ට්ය. වමතින් පන්දුව දෝලනය කිරීමේ ගජ සමතෙකු වන බෝල්ට් නියම ස්ථානයේ පන්දුව පතිත කිරීමටත් අවශ්‍ය අවස්ථාවේදී පන්දුවේ ඉපිළීම මැනවින් පාලනය කිරීමටත් සමත් දීප්තිමත් අනාගතයක් හිමි කී‍්‍රඩකයෙකි.

පන්දු රැකීමේ විශිෂ්ටයෝ
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු රැකීමේ අති විශිෂ්ටයෙකි. පිතිකරුවකු වශයෙන් මේ වන විට ඔහු දක්වන දස්කම් වලටද ප‍්‍රධාන හේතුවක් ලෙසින් හැඳින්විය හැක්කේ ඔහු සතු පන්දුව දැකීමේ හැකියාවයි. එහෙත් මැකලම් පමණක් නොව, තවත් විශිෂ්ට පන්දු රකින්නෝ රැුසක්ම නවසීලන්ත පිලේ සිටිති. කණ්ඩායමේ වයස්ගතම කී‍්‍රඩකයා වුවද ඩැනියෙල් විටෝරි තවමත් අති විශිෂ්ට පන්දු රකින්නෙකි.

කොදෙව් පිලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී විටෝරි විසින් මාලන් සැමුවෙල්ස්ගේ උඩපන්දුව රැුකගන්නා ලද අකාරය සහිත වීඩියෝ දර්ශනය එසැණින් සමාජ වෙබ් අඩවි ජාලා ගණනාවකම බෙදී ගිය අතර අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එය නැරඹූ සංඛ්‍යාව මේ වන විට ලක්‍ෂ 9 ඉක්මවා තිබේ.

ඕස්ටේ‍්‍රලියානුවෝද අති දක්‍ෂ පන්දු රකින්නෝ වෙති. පිටියේ සෑම කොණකම සමනළයින් මෙන් ඉගිළෙන ඔව්හු ස්ලිප් කී‍්‍රඩක වළල්ලේ විශාල බාල්දි වැනි අත් ඇතිව සිටිති.  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ බාහු වැඩකරන්නේ රොබෝ යන්ත‍්‍ර මෙනි. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි දුවද්දී දවාගැනීමට ග්ලෙන් මැක්ස්වෙල් පන්දුව දමාගැසූ අවස්ථාවේදී ‘ම්ඞ් විකට්’ ස්ථානයේ සිටි මැක්ස්වෙල්ට දැකගත හැක්වූයේ කඩුලූ ඉනි තුනෙන් එකක් පමණි. එහෙත් මැක්ස්වෙල්ගේ් අතින් මිදුණු පන්දුව දෝනි සිය සීමාවට එන්නට පෙර කඩුල්ල සොයා ගියේය.


අදහස් (0)

රග්බි එදිරිවාදීකම කි‍්‍රකට් පිටියටත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.