Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner ආරම්භක පිතිකරුවකු වීම මගේ සාර්ථකත්වයයි

ආරම්භක පිතිකරුවකු වීම මගේ සාර්ථකත්වයයි

ශනුක අරවින්ද - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

වසර 14 ක් පුරා ටෙස්ට් කී‍්‍රඩකයකු ලෙසින් අසීරු ගමනක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව අද (10 වැනිදා) පෙරවරුවේදී ප‍්‍රකාශ කළේය. කී‍්‍රඩකයන් රැසක්ම ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින මොහොතක, ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති ටෙස්ට් තරගාවලි දෙකක් සහ එම ටෙස්ට් තරගාවලි දෙකේදී නවකයන්ට ලබාගත හැකි අවස්ථාව සහ අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය ඩිල්ෂාන් ප‍්‍රකාශයට පත්කළේය.

සිය තීරණය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡවේදී මාධ්‍ය නියෝජිතයන් විසින් ඩිල්ෂාන්ගෙන් අසන ලද ප‍්‍රශ්න සහ ඩිල්ෂාන් ඊට දුන් පිළිතුරු අසංෂිප්තව මෙසේ වෙයි.

ප‍්‍රශ්නය :
ඔබ කියන්නේ නවකයෙකුට අවස්ථාව දෙන්න තමයි මේ තීරණේ ගත්තෙ කියල එහෙමනම් ටෙස්ට් වලින් විතරක් අයින් වෙලා සීමිත  ඕවර තරග (එක්දින සහ වි:20) විතරක් කී‍්‍රඩා කරන්න තීරණය කළේ ඇයි ? ටෙස්ට් තරග වලට කී‍්‍රඩා නොකර සීමිත  ඕවර සහ වි:20 එක්දින කී‍්‍රඩා කිරීමෙන් විතරක් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

ඩිල්ෂාන් :
ඉතා ඉක්මනින්ම ලෝක කුසලාන දෙකක් තියෙනව අපට සෙල්ලම් කැරන්න. වි:20 ලෝක කුසලාන තරගාවලිය මාස 4 කින් විතර කාලෙකින් (2014 වසර ආරම්භයේ බංග්ලාදේශයේදී) තියෙනවා. ඊට අමතරව අවුරුද්දක් එකහමාරක් ඇතුළත ලෝක කුසලාන තරගාවලිය තියෙනවා. ඉතිං ලෝක කුසලාන තරගාවලියෙදි, කණ්ඩායමක් හැටියට, ශී‍්‍ර ලංකා පිලට මා කී‍්‍රඩා කරන එක වැදගත්. ඒ නිසා තමයි ඒ දෙකට කී‍්‍රඩා කරන්න තීරණය කළේ. තීරණයක් ගනිද්දි ඒක මට විතරක් නෙවෙයි රටටත් වැදගත් වෙන තීරණයක් තමයි ගත යුත්තෙ. රටේත් අනාගතේ කි‍්‍රකට් කී‍්‍රඩාවත් ගැන හිතල තමයි මේ තීරණය ගත්තේ.

ඉදිරියෙදි ටෙස්ට් තරගාවලි දෙකක් තියෙනවා. ඒ දෙක පාකිස්ථානයේ හා බංග්ලාදේශයේ. ඒ තණතීරු ලේසියි පිතිකරුවෙකුට හැඩගැහෙන්න. ඉතිං ඒ ගැන හිතල මම නවකයෙකුට අවස්ථාව දෙන්න තමයි මේ තීරණෙ ගත්තෙ. මොකද එයාට එංගලන්තයට යන්න ඉස්සෙල්ල ටෙස්ට් තරග 5 ක් කී‍්‍රඩා කරන්න පුළුවන්. එංගලන්තයට යන්න ඉස්සෙල්ල එයාට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.

මට ලේසියෙන් තව අවුරුදු දෙක තුනක් ක‍්‍රීඩා කරන්න පුළුවන් අංශ තුනම. නමුත් මම අංශ තුනම ක‍්‍රීඩා කරල අපි තුන්දෙනාම (මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරද සමග) එකපාරම  කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් සමුගත්තොත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලොකු ප‍්‍රශ්නෙකට මුහුණ දෙනව. අපේ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම ගැනත් හිතල තමයි මේ තීරණේ ගත්තේ.

ප‍්‍රශ්නය:
ඩිල්ෂාන්,  ඔබ ටෙස්ට් ක‍්‍රිකට් වලින් ඉවත්වෙන්න තීරණය කළ හේතුව ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තරග නැති කමද?

ඩිල්ෂාන් :
වසර 2015 විතර වෙනකම් ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග අඩුයි. එතකම් බොහෝ වෙලාවට අපි කී‍්‍රඩා කරන්නේ රටින් පිට. මම කලින් කිව්වා වගේ නිවැරැදි වෙලාවෙ මට මේ තීරණේ  ගන්නට සිද්ද වුණා. මේ තීරණය රටට මෙන්ම  කි‍්‍රකට් ක‍්‍රීඩාවට සුබදායක විය යුතුයි එනිසයි මම මේ තීරණේ ගත්තේ.

ප‍්‍රශ්නය :
ඔබ ශ්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය දකින්නෙ කොහොමද?

ඩිල්ෂාන් :
ගොඩක් දක්ෂ කී‍්‍රඩකයෝ ඉදිරියට එනවා. එනිසයි අපි තරුණ කී‍්‍රඩකයින්ට වැඩිපුර ටෙස්ට් කී‍්‍රඩාවට අවස්ථාව ලබා දිය යුත්තේ. මම හිතනවා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරියේදී වැඩිපුර ටෙස්ට් තරග සංවිධානය කරාවි කියලා. එය කී‍්‍රඩකයන්ගේ ඉදිරි ගමනට හොඳයි.

ප‍්‍රශ්නය :
ඔබ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ආකාර තුනම කී‍්‍රඩා කළා. ඒවායින් වඩාත් පි‍්‍රය කරන්නේ කුමක්ද ?

ඩිල්ෂාන් :
හැම තරගයක්ම මම ඉතා සතුටින් ක‍්‍රීඩා කරන්නේ, නිශ්චිත ආකාරයක් කියල නැහැ. විශේෂයෙන්ම මගේ රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන හැම තරගයකදීම හැම ආකාරයේම කී‍්‍රඩාවකදීම, හැම මොහොතකදීම මම ඉතා සතුටින් ක‍්‍රීඩා කරන්නේ.

ප‍්‍රශ්නය :
ඔබ ජාතික කණ්ඩායමට සහ ටෙස්ට් පිලට එකතු වුණේ මැද පෙළ පිතිකරුවෙක් විදිහට. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගෙන ඔබගේ හැකියාව පෙන්වූවා. ඒත් ඊට පස්සෙ වඩා සාර්ථක වෙන්නෙ ආරම්භක පිතිකරුවෙකු හැටියට. මේ දෙකෙන් කොයි තැනද වඩා කැමැත්තෙන් කී‍්‍රඩා කළේ ?

ඩිල්ෂාන් :
මම හිතන්නෙ ආරම්භක පිතිකරුවෙකු හැටියට කී‍්‍රඩා කරපු වසර තුන හතර තුළ ගොඩක් සතුටින් ක‍්‍රීඩා කළා මං හිතන්නේ  කණ්ඩායමට විය යුතු සේවය වඩා හොඳින්  වැඩිපුර ලබාදුන්නෙ ආරම්භක පිතිකරුවෙක් හැටියට. මැද පෙළ කී‍්‍රඩා කරද්දි ලකුණු අතරට එද්දි සමහර විට සියළුම කී‍්‍රඩකයන් දැවී ගිහිල්ල. නමුත් 2009 දි ආරම්භක පිතිකරුවකු වශයෙන් කී‍්‍රඩා කිරීමට ගත්ත තීරණය වැදගත් තීරණයක්. ඒකෙදි මම ඔප්පු කරල පෙන්නුවා මටත් ශ්‍රී ලංකාවේ  කි‍්‍රකට් කී‍්‍රඩාවට සෑහෙන දෙයක් කරන්න පුළුවන් කියල. ඉතිං මම ආරම්භක පිතිකරුවෙකු හැටියට කී‍්‍රඩා කරපු එක ගැන ගොඩක් සතුටු වෙනවා.

ප‍්‍රශ්නය :
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙන්න හදන තරුණ ක‍්‍රීඩකයන්ට මොනවද ඔබ දෙන උපදේශ ? ඔබ කොහොමද මේ තැනට ළඟාවුණේ
?

ඩිල්ෂාන් :
ටෙස්ට් කි‍්‍රකට් ලේසි නෑ. ඒකට හොඳ මනසක් ඇතිව සහභාගි වෙන්න  ඕන. හොඳ පුහුණුවක් තියෙන්න  ඕනෙ, අත්දැකීම් බහුල වෙන්න  ඕනෙ. නවක ක‍්‍රීඩකයො ඒ අත්දැකීම් ලබාගන්න  ඕනෙ, විශේෂයෙන් දක්ෂ ක‍්‍රීඩකයෙක් වෙන්න. ඉතිං ඒකයි මේ අවස්ථාවෙ මේ තීරණයට ආවෙ. නවකයින්ට හොඳ අවස්ථාවක් ඉදිරියේ තියෙනවා. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (පාකිස්තානු පිලට එරෙහිව) තියෙන ටෙස්ට් තරග තුන.එහි තණතිලි ගොඩක් උචිතයි පිතිකරුවන්ට. ඊට පස්සෙ බංගලිදේශෙ තරග 2 ක් තියෙනව. නවකයන් මේ තරග පහ ප‍්‍රයෝජනයට අරගෙන රටට සේවයක් කළොත් මටත් සතුටුයි ඒ ගැන.

ප‍්‍රශ්නය :
ආරම්භක පිතිකරුවෙකු හැටියට ගන්න පුළුවන් කෙනෙක් විදිහට කාවද ඔයාට පේන්නෙ ?

ඩිල්ෂාන් :
මං හිතන්නෙ එක්කෙනෙක් නෙවෙයි ලාබාල ක‍්‍රීඩකයො දෙන්නෙක් තුන්දෙනෙක්ම ඉන්නවා, ඒ බව අපි පුහුණුවීම් වලදි දැක්කා.
කෞෂාල් සිල්වා ශතකයක් ලබාගෙන තියෙනවා ඒවගේම කුසල් ජනිත් නොදැවී ලකුණු 75 ක් ලබාගෙන තියෙනවා (දැන් පැවැත්වෙන තුන්කොන් පළමු පෙළ තරගාවලියේදී). මට පේන විදියට කුසල් ජනිත් ලොකු අනාගතයක් තියෙන කී‍්‍රඩකයෙක් ඔහුට හොඳ අවස්ථා දීල ඉදිරියට ගන්න  ඕන. ඔහු සාර්ථක ආරම්භක පිතිකරුවෙක් වෙයි කියන එක මම දැකල තියෙනව කුසල්ගෙන්.

ඉතින් ඒ නවකයන්ට වැඩිපුර අවස්ථාව දීල තුන් දින සහ සිවුදින තරග වලට සහභාගී කරවල ලොකු අවස්ථාවක් දුන්නොත් ගොඩාක් නවක කී‍්‍රඩකයො ඉන්නව ඒ අවස්ථාව ලබාගන්න.

ප‍්‍රශ්නය :
ක‍්‍රීඩකයො මුල් කාලයේ දී ගිවිසුම්ගතව ඉඳිද්දි අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනව සමුගන්න අවස්ථාවෙ කියන්න තියන දේ කියනව කියල. නමුත් ඔබ තවම පන්දුවාර 50 සහ වි:20 තරග සඳහා ගිවිසුම්ගත කී‍්‍රඩකයෙක් ඔබට විශේෂයෙන් ටෙස්ට් කි‍්‍රකට් ගැන කියන්න දෙයක් තියෙනවද ?

ඩිල්ෂාන් :
එහෙම විශෙෂයක් නෑ මම කී‍්‍රඩා කරපු වසර 14 ම මම හොඳින් කී‍්‍රඩා කළා. ප‍්‍රශ්න තිබුණා. ගැටුම් තිබුණා. නැත්තේ නෑ. හැම තැනම ප‍්‍රශ්න තියෙනවා. ඒත් ඒ අතීතයයි. අපි වර්තමානය ගැනයි හිතන්නෝන.

මම හැමතිස්සෙම සතුටු වුණා මම කරන හැම දෙයක් ගැනම. අද ගත්ත තීරණෙත් බොහොම සතුටින් අරගෙන ටෙස්ට් කි‍්‍රකට් වලින් සමුගන්නේ. අන්තිම තරගය වෙනකන් හොඳින් කී‍්‍රඩා කරල ලකුණු 60 ක විතර සාමාන්‍යයක් තියාගෙන, අන්තිම තරගයෙත් ලකුණු 50  විතර අරගෙන ගොඩක් සතුටින් ටෙස්ට් කි‍්‍රකට් වලින් සමුගන්නේ.

දුකකුත් තියෙනවා. නමුත් මම සතුටු වෙනව රටේ කි‍්‍රකට් වෙනුවෙන් හරි වෙලාවෙදි ගත්තෙ හරි තීරණයක් නිසා. ඒකෙන් හොඳ නවකයෙක් හැදුණොත් මට ඒ ගැන හිතල සතුටු වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය :
ඔබ  විදෙස් මාධ්‍යයට විවෘතව අදහස් දක්වනවා. දේශීය මාධ්‍යයට අදහස් දක්වන්නෙ මඳක් බයකින්. ඊයෙත් එංගලන්තයේ හා විදෙස් මාධ්‍ය කීපයකට අදහස් දක්වා තිබුණා මම මේ සමුගන්නේ යෞවනයෙකුට මගේ තැන දෙන්න කියල. ඊයෙ දේශීය මාධ්‍යය අහද්දි ඔබ ප‍්‍රකාශ කළා තවම තීරණයක් අරන් නැහැ අද තමයි තීරණය කරන්නෙ කියල. ඇයි මේ ආකාර දෙකකින් අදහස් ප‍්‍රකාශ කරන්නෙ?

ඩිල්ෂාන් :
මම කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියල නෑ. ඒක මා වගකීමෙන් කියනවා. කිසිම විදේශ මාධ්‍යයකට මම කතා කරල  නෑ. කතා කරපු හැම කෙනාටම කිව්වෙ දේශීය මාධ්‍යයට කියපු දේවල්ම තමයි.

විදේශීය මාධ්‍යයට වැඩිය රටේ දේශීය මාධ්‍යය ගැන මා ආඩම්බර වෙනවා. මගේ දුකේදි සැපේදි හිටපු අය. මට වැරදිච්ච අවස්ථා වලදි බැනල තිබුණා. හොඳට හොඳ කියල තිබුණා. මගේ පළවෙනි එක මගේ රටේ ජනතාව, මාධ්‍යවේදියො අනිත් අය දෙවනි තැන.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

 


අදහස් (4)

ආරම්භක පිතිකරුවකු වීම මගේ සාර්ථකත්වයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.