Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්ටීවන් වොලබි පිලෙන් සමුගනී

ස්ටීවන් වොලබි පිලෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත් වෙන බවත්, වසර අවසානයේ දී ඕස්ට්‍රේලියාවේ රග්බි කණ්ඩායම හැර යන බවත් ඕස්ට්‍රේලියානු රග්බි නායක ස්ටීවන් මුවර් පවසයි.  වොලබීස් නමින් හඳුන්වනු ලබන ඕස්ට්‍රේලියාවේ ජාතික රග්බි පිලට 2005 දී එක්වූ  මුවර් නායකත්වයට පත්වූයේ 2014 දීය.

සිය කොන්ත්‍රාත් කාලය නිමාවීමට තවත් වසර දෙකක් ඉතිරිව තිබුණත් එකම එක තරගවාරයක් ක්වීන්ස්ලන්තයේ රෙඞ්ස් පිලට ක්‍රීඩා කර සැනසිල්ලේ ගෙදර යාම ඔහුගේ අදහස වී තිබේ.

“රග්බි ටෙස්ට් තරග බිමෙන් සමුගැනීමේ තීරණය ගත්තේ සෑහෙන අමාරුවෙන්” ඔහු කීවේය.

“ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරනවාය කියන්නේ ලොකු දෙයක්. අනික රග්බි ක්‍රීඩාව මගේ ජීවිතයේ කොටසක් වෙලයි තිබුණෙ. ඒත් ක්‍රීඩාවෙන් අයින් වෙන්න දැන් කාලය ඇවිල්ලාය කියලා මට හිතුණේ මීට මාස කිහිපයකට කළිනුයි. ඊට පස්සේ මම මට සමීප ගොඩාක් දෙනා එක්ක මේ ගැන කතාකළා.” යයි ස්ටීවන් පැවසීය.

34 හැවිරිදි මේ හුකර් ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය 120 වැනි රග්බි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ පසුගිය මාසයේදීය. එය ඉතාලියට එරෙහිව බ්‍රිස්බේන් නුවර පැවැති තරගයටය. ඒ සමගම ඔහු වැඩිම රග්බි ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ලොව දසවැනි ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්විය.

රග්බි ලෝක කුසලාන තරගාවලි 3කට ක්‍රීඩා කර ඇති මේ විශිෂ්ට ක්‍රීඩකයා මුලින් සිතා සිටියේ ජපානයේ පැවැත්වෙන 2019 ලෝක කුසලානයටත් ක්‍රීඩා කරන්නටය. ඒත් ඒ වෙද්දී ඔහුගේ වයස 36කි.

‘තරුණ ක්‍රීඩකයන් ගොඩාක් දැන් වොලබීස්ලාට ඉන්නවා. ඒ වගේම මයිකල් හූපර්, ඇඩම් කෝල්මන්, බර්නාඞ් ෆෝලේ කණ්ඩායම මෙහෙයවන්න පුලුවන් හැකියාව ඇති අය. වැඩිපුර කාලයක් කණ්ඩායම මෙහෙයවන්න මෙයාලට අවස්ථාවක් ලබාදුන්නොත් ඒක 2019 ලෝක කුසලානයට හොඳ තල්ලුවක් වේවි. අන්න ඒකයි මගේ කල්පනාව වුණේ.” යයි ස්ටීවන් කීවේය.

දැනට ඇති වාර්තා අනුව ෆ්ලෑන්කර් ක්‍රීඩක මයිකල් හූපර් නායකත්වයට පත්වීමට නියමිතය.
 

 

- 077

 


අදහස් (0)

ස්ටීවන් වොලබි පිලෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.