Last Update  :  2025-10-25 12:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඞී.එස්. - සෙබස්තියන් තරගය ජය පරාජයෙන් තොරයි

ඞී.එස්. - සෙබස්තියන් තරගය ජය පරාජයෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය සහ ඞී.එස්.සේනානායක විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයක් ඊයේ (15 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන්විය. තරගය ශා. සෙබස්තියන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් ශා. සෙබස්තියන් විද්‍යාලයීය පිතිකරුවන් ලකුණු 240 කට සියලූ දෙනා දැවී ගියේය. මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛාවකට දැවී යන විට 8 වන කඩුල්ල සදහා ශාන් ප‍්‍රනාන්දු (57) සහ ඉසුරු මෙන්ඩිස් (39) එක්වී ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩනගන්නට සමත්විය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඞී.එස්.සේනානායක විද්‍යාලය දිනය නිමාවන විට කඩුලූ 1 කට ලකුණු 110 ක් ලබා සිටි අතර දින දෙකෙහිදීම පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් පළමු ඉනිමේ හෝ ජය ලැබීමට දෙපිළටම නොහැකි වීය.

 

ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම  ඕවර 93.5 කදී සියලූ දෙනා දැවී 240
(ශාන් ප‍්‍රනාන්දු 57, ඉසුරු මෙන්ඩිස් 39, අවිශ්ක ප‍්‍රනාන්දු 28, විසල් සේනානායක 23, ටී. විද්‍යාසේකර 20/3, ආර්. ද සිල්වා 16/2, යූ. ප‍්‍රනාන්දු 80/2)

ඞී.එස්.සේනානායක විදුහල පළමු ඉනිම  ඕවර 25 කදී කඩුලූ 1 ක් දැවී 110
(කේ. බංඩාර නොදැවී 62, ආර්. බංඩාර නොදැවී 44)

 


අදහස් (0)

ඞී.එස්. - සෙබස්තියන් තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.