Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොදෙව්වෝ බවුන්සරයට යටත්වෙති

කොදෙව්වෝ බවුන්සරයට යටත්වෙති

Nisanka Sandeepani - 2017 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩොන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 240 ක ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

සංචාරක කොදෙව් පිල මෙල්ල කිරීම සඳහා බවුන්සර් පන්දු වරුසාවක් යැවූ නවසීලන්ත පන්දු යවන්නෝ ජයග්‍රහණය සඳහා ලකුණු 444 ක ඉලක්කයක් හඹාගිය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 203 කට සීම කළහ. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රොස්ටන් චේස් (64) හතරේ පහර 8 ක් සමගින් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය. 

නවසීලන්ත වේග පන්දු යවන්නන් අතුරින් නීල් වැග්නර් බවුන්සර් පන්දු වැලක්ම යැවූ අතර ටිම් සවුතී සහ ටේ‍රන්ට් බෝල්ට් දෙදෙනාගෙන් ඔහුට කදිම සහයෝගයක් ලැබිණ. වැග්නර් කඩුලු 3 ක් දවාගත්තා පමණක් නොව ඔහුගේ පන්දුවක් වැදීම නිසා අතේ අස්ථියක් බිඳගත් සුනිල් අම්බි්‍රස් පන්දුවට පහර දීම නවතා ආපසු ක්‍රීඩාගාරයට ගියේය. 

“අපි අපගේ සැලසුම් ක්‍රියාත්මක කළ ආකාරය ප්‍රශංසනීයයි....මෙතැන බවුන්සර් පන්දුව එකිනෙකට වෙනස් ආකාරයකින් ආවා. ටෙස්ට් තරගයදී ඒ තත්තවය නියමයි” යයි තරගයෙන් අනතුරුව නවසීලන්ත නායක කේන් විලියම්සන් පැවසීය. 

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටි කොදෙව් කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. එහිදී කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යව ඉහළ දැමීමේ උත්සාහයක නිරත වූ රේමන් රෙයිෆර් ලකුණු 29 ක්ද, කේමර් රෝච් ලකුණු 32 ක්ද රැස්කිරීමට සමත වූහ. 

නවසීලන්ත පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 373  
(ජීත් රාවල් 84, ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 43, රොස් ටේලර් 16, මිචෙල් සෑන්ට්නර් 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 58, ටොම් බ්ලන්ඩෙල් 28, ටිම් සවුති 31, ටේ‍රන්ට් බෝල්ට් නොදැවී 37, ෂැනෝන් ගේබි්‍රයෙල් 119/4, කේමර් රෝච් 58/3, මිගෙල් කමින්ස් 57/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 215  
(ක්‍රෙග් බ්‍රැත්වේට් 66, ශිම්රන් හෙට්මයර් 28, ශායි හෝප් 15, ෂේන් ඩොව්රිච් 35, රේමන් රෙයිෆර් නොදැවී 23, කේමර් රෝච් 17, මිගෙල් කමින්ස් 15, ටේ‍රන්ට් බෝල්ට් 73/4, ටිම් සවුති 34/2, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 40/2, නීල් වැග්නර් 73/2) 

නවසීලන්ත පිල දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 291   
(ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 54, රොස් ටේලර් 107, මිචෙල් සෑන්ට්නර් 26, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 22, ටිම් සවුති නොදැවී 22, මිගෙල් කමින්ස් 69/3, රොස්ටන් චේස් 51/3, ෂැනෝන් ගේබි්‍රයල් 52/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 203   
(ක්‍රෙග් බ්‍රැත්වේට් 20, ශිම්රන් හෙට්මයර් 15, ශායි හෝප් 23, රොස්ටන් චේස් 64, රේමන් රෙයිෆර් 29, කේමර් රෝච් 32, නීල් වැග්නර් 42/3, මිචෙල් සෑන්ට්නර් 13/2, ටේ‍රන්ට් බෝල්ට් 52/2, ටිම් සවුති 71/2)

-036 


අදහස් (0)

කොදෙව්වෝ බවුන්සරයට යටත්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.