Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොදෙව් පිල අසීරු අඩියක

කොදෙව් පිල අසීරු අඩියක

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (11 වැනිදා) නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 444 ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් කණ්ඩායම ලකුණු 30 කට කඩුලු 2 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 414 ක් පසුපසින් සිටි අතර ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි ක්‍රේග් බ්‍රැත්වෙට් ලකුණු 13 ක්ද, ශායි හෝප් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කිරන් පවෙල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූ අතර ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු මුහුණ දී සිටියේ පන්දු 3 කට පමණි. හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටි ශිම්රන් හෙට්මයර් දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ නීල් වැග්නර් අතට උඩ පන්දුවක් දෙමිනි.

ලකුණු 152 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා කොදෙව් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකය ලබාගැනීමට රොස් ටේලර් (නොදැවී 107) සමත් වූ අතර ඊට හතරේ පහර 11 ක් ඇතුළත් විය. නායක කේන් විලියම්සන් (54) සමග එක්ව නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටේලර් සමත් විය.

දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටි කොදෙව් කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. එහිදී ටේ‍රන්ට් බොල්ට් ලකුණු 73 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

නවසීලන්ත පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 373  
(ජීත් රාවල් 84, ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 43, රොස් ටේලර් 16, මිචෙල් සෑන්ට්නර් 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 58, ටොම් බ්ලන්ඩෙල් 28, ටිම් සවුති 31, ට්‍රේන්ට් බෝල්ට් නොදැවී 37, ෂැනෝන් ගේබි්‍රයෙල් 119/4, කේමර් රෝච් 58/3, මිගෙල් කමින්ස් 57/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 215  
(ක්‍රෙග් බ්‍රැත්වේට් 66, ශිම්රන් හෙට්මයර් 28, ශායි හෝප් 15, ෂේන් ඩොව්රිච් 35, රේමන් රෙයිෆර් නොදැවී 23, කේමර් රෝච් 17, මිගෙල් කමින්ස් 15, ට්‍රේන්ට් බෝල්ට් 73/4, ටිම් සවුති 34/2, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 40/2, නීල් වැග්නර් 73/2)

නවසීලන්ත පිල දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 291   
(ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 54, රොස් ටේලර් 107, මිචෙල් සෑන්ට්නර් 26, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 22, ටිම් සවුති නොදැවී 22, මිගෙල් කමින්ස් 69/3, රොස්ටන් චේස් 51/3, ෂැනෝන් ගේබ්‍රියල් 52/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 30   
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 13, ශිම්රන් හෙට්මයර් 15)


- 036

 


අදහස් (0)

කොදෙව් පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.