Last Update  :  2024-05-18 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොදෙව් පිල ලකුණු 158 ක් පසුපසින්

කොදෙව් පිල ලකුණු 158 ක් පසුපසින්

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (10 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියේය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කොදෙව් කණ්ඩායම තවත් කඩුලු 2 ක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 158 ක් පසුපසින් සිටි අතර ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි රේමන් රෙයිෆර් ලකුණු 22 ක්ද, මිගෙල් කමින්ස් ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රෙග් බ්‍රැත්වේට් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 66 ක් රැස්කළ අතර කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. එය බ්‍රැත්වේට්ගේ 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

ශිම්රොන් හෙට්මයර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 28 ක්ද, ෂේන් ඩොව්රිච් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 35 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කෙසේ වුවත් බ්‍රැත්වේට් හැරුණු කොට අර්ධ ශතකයක් කරා යෑමට සෙසු කොදෙව් ක්‍රීඩකයෝ අසමත් වූ අතර තරගයේ පාලනය සියතට ගත් නවසීලන්ත වේග පන්දු යවන්නෝ කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් පීඩනයට පත් කළහ.

පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි. එහිචී ෂැනෝන් ගේබි්‍රයෙල් ලකුණු 119 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  

ලකුණු 312 කට කඩුලු 9 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ටිම් සවුති (31) සහ ටේ‍රන්ට් බෝල්ට් (නොදැවී 37) සමත් වූහ. සවුති හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින්ද, බෝල්ට් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

 

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 215  
(ක්‍රෙග් බ්‍රැත්වේට් 66, ශිම්රොන් හෙට්මයර් 28, ශායි හෝප් 15, ෂේන් ඩොව්රිච් 35, රේමන් රෙයිෆර් නොදැවී 22, කේමර් රෝච් 17, ටිම් සවුති 34/2, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 40/2, ටේ‍රන්ට් බෝල්ට් 67/2, නීල් වැග්නර් 73/2)

නවසීලන්ත පිල පළමු ඉනිම - සියලු දෙනා දැවී 373  
(ජීත් රාවල් 84, ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 43, රොස් ටේලර් 16, මිචෙල් සෑන්ට්නර් 24, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 58, ටොම් බ්ලන්ඩෙල් 28, ටිම් සවුති 31, ටේ‍රන්ට් බෝල්ට් නොදැවී 37, ෂැනෝන් ගේබි්‍රයෙල් 119/4, කේමර් රෝච් 58/3, මිගෙල් කමින්ස් 57/2)

 

-036

 


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 158 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.