Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ශා. සෙබස්තියන් පිලට මුල් ඉනිමේ ජයක්

ශා. සෙබස්තියන් පිලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිශ්ක ප‍්‍රනාන්දු ලබාගත් ශතකයත් (116) අනූක් ප‍්‍රනාන්දු සහ ඉසුරු මෙන්ඩිස්ගේ පන්දු යැවීමත් නිසා කොළඹ රාජකීය විද්‍යාලයීය පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. පළමු කාණ්ඩයේ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයක් වූ මෙම තරගය ගෙවී ගිය සති අන්තයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිටියේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය කණ්ඩායම ලකුණු 92 කට සීමා කළ සෙබස්තියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. එයින් ලකුණු 116 කට හිමිකම් කී අවිශ්ක ප‍්‍රනාන්දු, පන්දු 136 කට මුහුණ දෙමින් හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය.

 

රාජකීය විදුහල - පළමු ඉනිම 92
(චාමික කරුණාරත්න 34, අනුක් ප‍්‍රනාන්දු 35/4, ඉසුරු මෙන්ඩිස් 07/2, අවිශ්ක ප‍්‍රනාන්දු 08/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම කඩුලූ 8 ට 147
(අවිශ්ක ප‍්‍රනාන්දු 116, කුසල් ලක්තිලිණ 41, දෙවින් පත්මනාදන් 46/3, මලිත් කාරියවසම් 18/2)

රාජකීය විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 8 ට 147
(ශමින්ද ඩයස් 52, හෂේන් රාමනායක 36, තිරාන් ධනපාල නොදැවී 16, ඉසුරු මෙන්ඩිස් 47/3, විසල් සේනානායක 01/2)


අදහස් (0)

ශා. සෙබස්තියන් පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.