Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ධර්මාශෝකයේ රමේෂ්ගෙන් ශතකයක්, කඩුලූ 5 ක්

ධර්මාශෝකයේ රමේෂ්ගෙන් ශතකයක්, කඩුලූ 5 ක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තුන් ඉරියව් ක‍්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ශතකයක් සහ කඩුලූ 5 ක් ලබාගැනීමට සමත් විය. මෙම තරගය කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) ආරම්භ විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ධර්මරාජ විද්‍යාලය ලකුණු 154 කට සියලූ දෙනා දැවී ගියේය. ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක දිසානායක අර්ධ ශතකයක් ලබා යම් තරමක් දුරට සාර්ථක වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඉඩ නොදුන් රමේෂ් මෙන්ඩිස් කඩුලූ 5 ක් ලබා ගනිමින් ධර්මරාජ ඉනිම අඩපණ කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ධර්මාශෝක සියලූ දෙනා දැවී ලකුණු 246 ක් ලබා ධර්මරාජයට වඩා ලකුණු 92 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

ධර්මරාජය වෙනුවෙන් ජී. සෙනෙවිරත්න කඩුලූ 5 ක් සහ ඞී. ලංකා කඩුලූ 3 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.

 

ධර්මරාජ විදුහල පළමු ඉනිම  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 154
(කවිශ්ක දිසානායක 51, ටී. වේරගොඩ 37, කාවින්ද රත්නායක 24, රමේෂ් මෙන්ඩිස් 52/5, සචින් දිවංගන 19/2, තිලාන් මදුරංග 40/2)

ධර්මාශෝක විදුහල පළමු ඉනිම  ඕවර 57.2 කදී සියලූ දෙනා දැවී 246
(රමේෂ් මෙන්ඩිස් 124, ඉසුරු චතුරංග 37, පසාන් ප‍්‍රියරංග 22, හසිදු විදර්ශණ 21, ජී. සෙනෙවිරත්න 40/5, ඞී. ලංකා 45/3)

 


අදහස් (0)

ධර්මාශෝකයේ රමේෂ්ගෙන් ශතකයක්, කඩුලූ 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.