නායක ඒ. බී. ඩිවිලියර්ස් (136) සහ ෆෆ් ඩූප්ලීසිස් (106) ලබාගත් වේගවත් ශතක නිසා සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව හරාරේහිදී අද (27) පැවැති තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.
දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ ලකුණු 328 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 46.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. නායක ඒ. බී. ඩිවිලියස් සහ ෆෆ් ඩූ ප්ලීසිස් තෙවැනි කඩුල්ලට පන්දු 174 කදී ලකුණු 206 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.
ඩිවිලියස් පන්දු 106 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 136 ක් ද, ඩුප්ලෙසි පන්දු 98 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 106 ක් ද, රැස් කළහ.
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 327 (ඒරන් ෆින්ච් 102, පිලිප් හියුස් 51, ජෝජ් බේලි 66, ස්ටීවන් ස්මිත් 31, මිචෙල් ජොන්සන් නොදැවී 23, මොනී මොර්කල් 63/2, රයන් මැක්ලරින් 64/2, ඉම්රාන් තාහිර් 45/2)
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 46.4 කදී කඩුලූ 3 ට 328 (කුයිටන් ඞී. කොක් 19, හෂීම් අම්ලා 24, ෆෆ් ඩූ ප්ලීසිස් 106, ඒ. බී. ඩිවිලියස් නොදැවී 136, ජේ. පී. ඩුමිනි නොදැවී 33, මිචෙල් ස්ටාක් 62/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.