Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොදෙව් පිල ලකුණු 427 ක් ඉදිරියෙන්

කොදෙව් පිල ලකුණු 427 ක් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2014 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලාදේශ පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ, ග්‍රොස් අයිලට් ‘ ඕවල්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය.  

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී ලකුණු 63 ක්ද, ජර්මියන් බ්ලැක්වුඞ් නොදැවී ලකුණු 43 ක්ද බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (45) සහ ලියෝන් ජොන්සන් (41) සමත් වූහ.

කොදෙව් පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 380 ට පිළිතුරු වශයෙන් බංගලාදේශ පිලට සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 161 ක් පමණි.

එහිදී බංගලාදේශ පිලේ පිතිකරුවන් සිව්දෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොදෙව් පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.

වේග පන්දුයවන කී‍්‍රඩක කේමර් රෝච් ලකුණු 42 කට කඩුලූ 5 ක් දවාගනිමින් බංගලාදේශ කී‍්‍රඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

බංගලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහමදුල්ලා, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ලකුණු 48 ක් රැස්කරගෙන සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවිගියේය.

කාසියේ වාසිය දිනූ බංගලාදේශ පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 380 ක් ලබා ගත්තේය.

එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සම්බන්ධතාවක් පිහිටවූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (63) සහ ලියෝන් ජොන්සන් (66) ආරම්භක පිතිකරු යුගලය කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ගෙන දුන්හ.

කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර තම මංගල තරගයට සහභාගී වූ ලියෝන් ජොන්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොදෙව් ඉනිම නිමාවන තුරුම කඩුල්ලේ රැදීසිටි ශිව්නරේන් චන්ද්‍රපෝල් (නොදැවී 84), තම අර්ධ ශතකය ලබාගැනීම සඳහා පන්දු 198 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 380
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 63, ලියෝන් ජොන්සන් 66, කර්ක් එඕවඕස් 16, ඩැරන් බ‍්‍රාවෝ 46, ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී 84, ජෙරම් ටේලර් 40, සුලයිමන් බෙන් 25, අල් අමීන් හුසේන් 80/3, රොබියුල් ඉස්ලාම් 63/2, ශෆියුල් ඉස්ලාම් 80/2, තයිජුල් ඉස්ලාම් 89/2)

බංගලාදේශ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 161
(ටමීම් ඉක්බාල් 48, මහමදුල්ලා 53, තයිජුල් ඉස්ලාම් 12, කේමර් රෝච් 42/5, ජෙරම් ටේලර් 41/2, සුලයිමන් බෙන් 19/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - දෙවැනි ඉනිම කඩුලූ 4 දැවී 208
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 45, ලියෝන් ජොන්සන් 43, ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී 63, ජර්මියන් බ්ලැක්වුඞ් නොදැවී 43, මහමදුල්ලා 37/2)

036


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 427 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.