Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අමීන් වෙනුවට ෂාෆිවුල් එයි

අමීන් වෙනුවට ෂාෆිවුල් එයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන අල් අමීන් හොසේන්  නැවතත් සියරට බලා යැවීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීම පිණිස ෂාෆිවුල් ඉස්ලාම් කැඳවීමට ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුව බංග්ලාදේශ පිලට අවසර දී තිබේ.

විනය නීති කඩ කිරීම හේතුවෙන් අල් අමීන් හොසේන් නැවතත් බංග්ලාදේශය බලා පිටත්කර යවා ඇති අතර ඔහු එක්දින තරග 52 කදී කඩුලූ 58 ක් දවාගත් කී‍්‍රඩකයෙකි. කෙසේ වෙතත් ඔහු මේ දක්වා මෙම ලෝක කුසලාන තරගාවලියේ තරගයකට සහභාගි වී නැත.

ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන බංග්ලාදේශය අනිද්දා (26 වැනිදා) ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තරග කිරීමට නියමිතය. බංග්ලාදේශ පිල සිය පළමු තරගයේදී ඇෆ්ඝනිස්තානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ නමුත්  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගය වර්ෂාව නිසා පැවැත්වීමට නොහැකි විය.

ජෙෆ් ඇලරිඞ්ස් (සභාපති), කැම්ප්බෙල් ජැමීසන්, ජෝන් හාර්න්ඩන්, ගැවින් ලාසන්, රසල් ආනල්ඞ් සහ සන්ජේ මන්ජ්රේකාර් යන අයගෙන් මෙම තාක්‍ෂණික කමිටුව සමත් වෙයි.


අදහස් (0)

අමීන් වෙනුවට ෂාෆිවුල් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.