Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 හේරත් - එරංග ගෙදර එති

හේරත් - එරංග ගෙදර එති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ රංගන හේරත් සහ ශාමින්ද එරංග ආබාධයන්ට ලක්වීමෙන් නැවතත් ශී‍්‍ර ලංකාව බලා පිටත්කර එවීමට නියමිතය. මෙම ආබාධ සහිත තත්ත්වය නිසා ඔවුන් දෙදෙනාටම දෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ නොහැකි වනු ඇත.
 
දෙවැනි ටෙස්ට් තරගයේදී හේරත්ගේ සහ ශමින්ද එරංගගේ ස්ථාන සඳහා අජන්ත මෙන්ඩිස් සහ නුවන් ප‍්‍රදීප් ක‍්‍රීඩා කිරීමට නියමිතය. කුසල් ජනිත් සහ තිසර පෙරේරාද ටෙස්ට් සංචිතයට එකතු වීම සඳහා අද (03 වැනිදා) සවස් වරුවෙදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට සූදානමින් සිටියහ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී හෙට (04) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 248 කින් ජය ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ජය ලබා 2-0 ක් ලෙස තරගාවලිය අවසන් කර ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය රැක ගැනීමේ අවස්ථාව තිබේ.

 
- 048

 


අදහස් (0)

හේරත් - එරංග ගෙදර එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.