Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සමනළයකුසේ පාවී යන්නම ගිය මීමැස්සා

සමනළයකුසේ පාවී යන්නම ගිය මීමැස්සා

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

”සමනළයෙක් සේ පාවී පළයන්...මීමැස්සෙක් සේ රිදෙන්න ඇනපන්”


ඒ බොක්සිං වලල්ල තුළ ඔහුගේ මන්ත‍්‍රයයි. 


මී පැටියකු සමග සෙල්ලම් කරන බළලෙකු සේ ප‍්‍රතිවාදියා හමුවේ එහාට මෙහාට වෙමින් සිටියද බොක්සිං වළල්ල තුළ ප‍්‍රහාරය සඳහා කුරුමානම් ඇල්ලීමට අලංකාරය එක්කළේ ඔහුය. විසිවැනි සියවසේ කී‍්‍රඩකයා ලෙස ලෝක ඉතිහාසයට එක්වූ මොහොමඞ් අලී, පසුගිය සිකුරාදා මෙලොව හැර ගියේ පාකින්සන් රෝගය සමගින් වසර 32 ක් තිස්සේ කළ සටන නිමා කරමිනි. 


ඉකුත් බ‍්‍රහස්පතින්දා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් අලී රෝහල් ගත කළද රෝහලට රැුගෙන ගිය හුස්ම පොද රැුකගෙන ආපසු පිටව ඒමට ඔහුට අවකාශ නොතිබිණ. 


1960 සිට දශක දෙකක් පුරා බොක්සිං වළල්ලේ අණසක පැතිරූ මොහොමඞ් අලී, අතිශය කඩවසම් මෙන්ම අඩි 6 අ`ගල් 3 ක් උස, පාංශූ දේහධාරී පුරුෂයෙකි. එහෙත් පාකින්සන් රෝගය විසින් ඔහුගේ ජීවිතයේ අවසන් වසර 32 පුරාම අලී ඔහුගේම සිරුර තුළ සිරකරුවකු කරනු ලැබ තිබිණ. 
පාකින්සන් රෝගය අහම්බයක් නොවේ. එය අලීගේ වසර 24 ක බොක්සිං දිවියේ ඛේදජනක ප‍්‍රතිවිපාකයයි. 


පාකින්සන් රෝගය හේතුවෙන් අලීගේ කථන හැකියාව මහත්සේ අඩාළ කරන ලද අතර ඔහුගේ මූලික කි‍්‍රයාකාරකම් බොහොමයක් බල රහිත කරනු ලැබ තිබිණ. එහෙත් අලී ලෙඩ දුකටම යටත්වූවෙක් නොවේ. පාකින්සන් රෝගයෙන් පෙළෙමින් සිටියදී වුවද 1996 ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේදී ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමේ වගකීම ඔහු බාරගත්තේය.


1996 අගෝස්තුවේදී ඔලිම්පික් ගිනිසිළුව අතින් අත යමින් ඔලිම්පික් පහන කරා ආසන්න වෙද්දී ඔලිම්පික් පහනට කිට්ටුවෙන්නේ කවුරුන්ද යන්න කිසිවෙක් නොදත්හ. හිටි අඩියේම අඳුර මැතින් මතුවූ මොහොමඞ් අලී ඔලිම්පික් ගිනිසිළුව අතට ගෙන ඔලිම්පික් පහන දල්වද්දී අලී!... අලී!!... අලී!!! යනුවෙන් ඇට්ලැන්ටා කී‍්‍රඩාංගණය දෝංකාර දෙන්නට විය. ගිගු-ම් දෙමින් අත්පොළසන් හඬ නැගිණ. 


එයින් වසර 16 කට පසුව, රෝද පුටුවකට වී සිටියදීත්, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලටද අලී පැමිණ සිිටියේය. 


පාකින්සන් රෝගය නිසා ශාරීරික කි‍්‍රයාකාරකම් අබල දුබලව තිබුණ නමුත් තමන් විසින්ම ප‍්‍රකාශයට පත්කරගන්නා ලද පරිදි ‘ශ්‍රේෂ්ඨයා’ නමට සරිලන සේ අලී ජීවිතය වින්දේය. ඔහුගේ ආවේණික ලක්‍ෂණය වූයේ තමන් විසින් ගන්නා ලද තීරණයේම එල්බ සිටීමයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. 


ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියාතික රටවල් බොහොමයක බොක්සිං කී‍්‍රඩාව හඳුන්වන්නේ හිත්පිත් නැති අයගේ කී‍්‍රඩාවක් ලෙසිනි. එහෙත් බොක්සිං කී‍්‍රඩකයකු වුවද මොහොමඞ් අලී මානව දයාව වෙනුවෙන් කළ කී දේ බොහෝය. 


බොක්සිං ශුරයකු වශයෙන් ලෝ පුරා ජනාදරයට ලක්ව සිටි නමුත් කී‍්‍රඩා ලෝලීන් නොවන්නෝ අලීට ආදරය කළේ ඔහුගේ මානුෂික ආකල්ප හේතුවෙනි. යුද්ධය, වර්ගවාදය, ආගම අනුව වෙනස්කම් කිරීම ආදී මෙකී නොකී සමාජගත නොමනා කි‍්‍රයා වෙනුවෙන් එළිපිටම විරෝධය දැක්වූ මොහොමඞ් අලීට එනිසාම බොහෝ සතුරෝද ඇතිවිය. එහෙත් හෙළවුණේ අලී නොවේ. 


ඒ අමරිකානුවන් සිවිල් අයිතිවාසියක්ම වෙනුවෙන් හඩ නැගූ කාලයයි. කිසිවකු අපේක්‍ෂා නොකළ අයුරින් අපි‍්‍රකානු - ඇමරිකානු සම්භවයේ අක් මුල් සොයා ගිය මොහොමඞ් අලී තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටියේය. 


ජෝර්ජ් ෆෝමන් ගැන බොහෝ දෙනකුට මතක ඇත්තේ 1974 ලෝක ශූරතා සටනේදී මොහොමඞ් අලීගේ එක පහරකින් ඇද වැටුණු කී‍්‍රඩකයා ලෙසිනි. එහෙත් ෆෝමන් තුළ මොහොමඞ් අලී සම්බන්ධයෙන් ඇත්තේ වෙනත් අදහසකි. 


”මොහොමඞ් අලී කියන්නේ මට මුණගැසුණු අති විශිෂ්ට පුද්ගලයෙක්”...ෆෝමන් කියයි. 


”මේ දක්වා ජීවත් වුණ පුද්ගලයන් අතුරින් ඔහු අති විශිෂ්ටයෙක් කියන එකට කිසිම සැකයක් නෑ. ඒත් ඔහුව බොක්සිං කී‍්‍රඩකයකු වශයෙන් විතරක් හඳුන්වන එක නම් අසාධාරණයක්” යයි ෆෝමන් කියයි. 


වර්ෂ 1942 ජනවාරි 17 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ, කෙන්ටකී ප‍්‍රාන්තයේ ලූවීවිල්හිදී උපත ලද දරුවා කැෂියස් මාර්සිලස් ක්ලේ නම් විය. යන්තම් වයස 12 සපිරෙද්දී බොක්සිං අත් ආවරණ පැළඳ පුහුණු ශාලාවට ගිය කැෂියස් ක්ලේ ඔලිම්පික් රන් පදක්කම දිනාගන්නේ වයස 18 ක තරුණයෙක්ව සිටියදීය. වෘත්තීය බොක්සිං වලල්ලට පිවිසීමෙන් පසුව සනී ලිස්ටන් පරාජය කරමින් සිය පළමු ලෝක ශූරතාව දිනාගන්නා විට අලීගේ වයස අවුරුදු 22 කි.

 
60 දශකය මැද භාගයේදී ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නා කැෂියස් ක්ලේ, සිය නම මොහොමඞ් අලී ලෙසින් වෙනස් කරන්නේ තමන්ට රිසි ගමනක් යාමේ මූලික පියවරක් වශයෙනි. 


ලෝක හෙවිවේට් ශූරයා වීමෙන් වසර තුනකට පසුව වියට්නාම් යුද්ධයට යාම අලී විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම නිසා හෙතෙම ඇමරිකානු පාලනාධිකාරියේ උදහසට ලක්විය. ඔහුගේ බොක්සිං බලපත‍්‍රය අහෝසි කෙරෙන අතර වසර තුනක කාලයක් බොක්සිං කී‍්‍රඩාවෙන් ඈත්වී සිටීමට අලීට සිදුවෙයි. එය ඔහුගේ රැුකියාව නැති කිරීමක් විය. ඒ වන විට මොහොමඞ් අලී වෘත්තීය බොක්සිං කී‍්‍රඩකයෙකි. 


ඇමරිකානු ශ්‍රේෂ්ඨධිකරණයෙන් දුන් නියමක් මත 1971 දී නැවතත් බොක්සිං වලල්ලට පිවිසෙන අලී, නැවතත් හෙවිවේට් කිරුළ ඉල්ලා 

සිටින්නේ ඒ වන විට අපරාජිත ලෝක ශූරයා වූ ජෝර්ජ් ෆෝමන්ට අභියෝග කරමිනි. කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කින්ශාෂාහිදී 1974 දී පැවැති එම තරගය ඉතිහාසයට එක්වෙන්නේ ‘මහ වනයේ ගර්ජනාව’ ලෙසිනි. 


එම තරගයේ 8 වැනි වටයේද අලීගෙන් පහර කා බිම ඇද වැටුණු ජෝර්ජ් ෆෝමන් මෑතකදී සිය මතකය අවදි කළේ මෙලෙසිනි. 


”මම ඒ වෙනකොටත් ජෝ ෆේ‍්‍රසියර්, කෙන් නෝර්ට්න් වගේ අලීව පරද්දපු හැම කෙනාටම ගහලයි තිබුණේ. මම හිතන් හිටියේ මගේ පහසුම ඩොලර් මිලියන 5 මල්ල ඒක කියලයි”


කින්ශාෂා ගැටුමේදී වට තුනක් අලී සමග සෙල්ලම් කරමින් සිටි ෆෝමන් සිතා සිටියේ තමත් තවත් වතාවක් ප‍්‍රතිවාදියා බිම දමමින් තරගය ජයගන්නට යන බවයි. 


”මම මිනිහට තුන්වැනි රවුමෙදි තරමක් හයියෙන් ගැහැව්වා. ඒත් එයා මං දිහා බැලූවේ ‘මේක මෙතැනින් ඉවර නෑ යාළුවා’ කියන්න වගේ”
තුන්වැනි වටය අවසානයේදී තමත් තරමක් අමාරුවේ වැටුණ බව ෆෝමන් තේරුම් ගත්තේ අලී කිසිදු අපහසුවකින් තොරව තරග කරමින් සිටි බැවිනි. 6 වැනි වටය වන විට අලී ෆෝමන්ට සරදම් කරන්නට විය. හීසර වන් වදන් පිටවන අලීගේ දෙතොළ කි‍්‍රයාත්මක වී තිබිණ.


”ජෝර්ජ, උඹ ගාව තියෙනේ එච්චරමද? මිනිහා කියන්න ගත්තා”


”මාව විශ්වාස කරන්න. මම හොඳටම බයවෙලයි හිටියේ. මොකද ඇත්තම කියනවා නම් මා ගාව තිබුණ පාරවල් සේරම ඒ වෙනකොට ඉවර වෙලා”
”ඊට පස්සේ මට පාරක් දෙකක් වැදුණා. මාව බිම ඇද වැටුණා....එතැනින් පස්සේ මගේ ජීවිතයම වෙනස් වුණා” ජෝර්ජ් ෆෝමන් කීවේය. 


එසේ වුවත් ජෝර්ජ් ෆෝමන්ට තමන්ගේ ජීවිතයේ හොඳම මිතුරා හමුවූයේත් එතැනදීමය. මොහොමඞ් අලී මිය යන තුරුත් දෙදෙනා අතිශය කුළුපග මිතුරෝ වී සිටියහ. 


කී‍්‍රඩකයකු වශයෙන් උපරිම තලයේ සිටි 60 දශකයේදී බොක්සිං වළල්ල තුළ අලීගේ දස්කම් සම්බන්ධයෙන් විවාදයකට එළඹීමට කිසිවකු එඩිතර නොවීය. තරගයට පිළිපන් කළ සිය ප‍්‍රතිවාදියා වෙත ළංවීමේදී කලාත්මක විලාසයක් අනුගමනය කළ මොහොමඞ් අලීගේ පහර වේදනාකාරී විය. ඔහු විසින්ම එය හඳුන්වන ලද්දේ ”සමනළයකු සේ පාවී යමින් මීමැස්සකු සේ රිදෙන්න ඇනීමක්” ලෙසිනි. 


හෙවිවේට් බොක්සිං ඉතිහාසයේ තුන් වතාවක්ම ලෝක ශූරතා දිනූ පළමු වැන්නා ඔහුය. 


අලීගේ වෘත්තීය බොක්සිං තරග වාර්තාව කියැවෙන්නේ ජයග‍්‍රහණ 56 ක් සහ පරාජයන් 5 ක් වශයෙනි. එම තරග වාර්තාව තවදුරටත් විශ්ලේෂණය කරන්නේ නම් ඔහු විසින් ජයගන්නා ලද තරග 56 න් 22 ක් ප‍්‍රතිවාදියාගේ නොහැකියාව මත විනිසුරුවරුන් විසින් නිර්දේශ කරන ලද පිළිමළුන් පිටුදැකීමෙන් ලද ජයග‍්‍රහණ වෙයි. තවත් ජයග‍්‍රහණ 18 ක් විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීන්දු විය. ප‍්‍රතිවාදියා බිම දමා ලද ජයග‍්‍රහණ 11 කි. ප‍්‍රතිවාදියා තරගයෙන් ඉවත්ව යාමෙන් ලද ජයග‍්‍රහණ 4 කි. විනිසුරුවරුන් දෙපිල බෙදී ලද ජයග‍්‍රහණ ඇත්තේ එකක් පමණි. 


1967 දී සෝරා ෆොලී සමග පැවැති තරගයෙන් පසුව වියට්නාම් යුද්ධයට යාම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අලීගේ බොක්සිං බලපත‍්‍රය තහනම් කෙරිණ. එතැන් සිට 1970 ජෙරී කොරී සමග සටන වන තුරු ගතවූයේ ඔහුගේ තරග දිවියේ හොඳම කාලය වූවත් දින 1314 ක් වූ එම කාලය තුළදී මොහොමඞ් අලීට අඩුම තරමේ ශූරතා තරග 4 ක් හෝ 5 ක් වත් නැතිව ගියේය. 


1981 දී බොක්සිං කී‍්‍රඩාවෙන් සමුගැනීමෙන් වසර 4 කට පසුව අලී පාකින්සන් රෝගයට ගොදුරු විය. එතැන් සිට වසර 32 ක් පාකින්සන් රෝගය සමග කළ සටන පසුගිය සිකුරාදා නිමාවිය. 


තමන්ව මතකයේ රඳවාගන්නේ නම් ඒ කුමන ආකාරයෙන් විය යුතුද යන්න මොහොමඞ් අලීගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ”හෙවිවේට් ලෝක ශූරතාව තුන් වරක් දිනාගත් කී‍්‍රඩකයකු වශයෙන් තමන්ව මතකයේ තබා ගන්නවා නම් වඩාත් හොඳයි කියාය. 

 

 


අදහස් (1)

සමනළයකුසේ පාවී යන්නම ගිය මීමැස්සා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.