Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සඳරුවන්ගෙන් රන් පදක්කමක්

සඳරුවන්ගෙන් රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද දිනයේ (10 වැනිදා) පැවැති මලල කී‍්‍රඩා තරග වලදී පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ එම්. එච්. අයි. සඳරුවන් සමත් විය. මීටර් 4.90 ක උසක් පනිමින් ඔහු එම පදක්කම තමන් සතුකර ගත්තේය.

අද දිනයේදී මලල කී‍්‍රඩාවෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමටද ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

එහිදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 80.25 ක දුරක් විසිකරමින් එහි රිදී පදක්කම දිනාගැනීමට ආර්. එම්. රණසිංහ සමත් වූ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේදී මීටර් 1.75 ක උසක් පනිමින් එහි රිදී පදක්කම දිනාගැනීමට එල්. ජී. විනෝදනී සමත් වූවාය.

අද පැවැති තරග වලදී ලෝකඩ පදක්කම් දිනාගැනීමට කේ. ජී. ජයවර්ධන (පිරිමි කවපෙත්ත විසිකිරීම - මීටර් 53.52), ඒ. එම්. ජයසිරි (පිරිමි දුර පැනීම - මීටර් 7.46), දිලිප් රුවන් (පිරිමි මීටර් 400 - තත්ත්පර 47.30) සහ ආර්. ඒ. රාජසිංහ (කඩුලූ පැන දිවීම - තත්ත්පර 14.37) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.


- 036

 


අදහස් (0)

සඳරුවන්ගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.