Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ෂෙහාන් මීටර 400 ඉසව්වට පනී

ෂෙහාන් මීටර 400 ඉසව්වට පනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේදී පැවැත්වෙන දේශීය සහ විදේශීය මලල ක‍්‍රීඩා තරගවලදී මීටර 400 ඉසව්වෙන් තරග කිරීමට තමන් සුදානම්වන බව ශ‍්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරයකු වන ෂෙහාන් අඹේපිටිය පවසයි. මීටර 100 ඉසව්වේ දකුණු ආසියානු රන් පදක්කම් ලාභියකු වන ෂෙහාන්, මීටර 200 ඉසව්වෙන්ද ජයග‍්‍රහණ රැසක් ලබා තිබේ.

මේ වසරේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ෂෙහාන්ට සහභාගිවීමට හැකි වුයේ මීටර 100X4 සහය දිවීමේ ඉසව්වට පමණි. එහි රන් පදක්කම දිනාගැනීමටද ශ‍්‍රී ලංකාවට හැකිවිය.

ෂෙහාන්, මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකෙන් ඉවත්වී මීටර 400 ඉසව්වට එක්වන්නේ එම ඉසව්වෙන් මෑතක සිට ශ‍්‍රී ලංකාව ලබා ඇති පසුබෑම සැලකිල්ලට ගනිමිනි.

”මීටර 400 ඉසව්වට සහභාගිවීමයි මගේ දැන් ඉලක්කය. ආසියාවේදී මීටර 400 ඉසව්වෙන් පදක්කමක් දිනා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා”

”සුනිල් ගුණවර්ධන සර් ළ`ග මම පුහුණු වෙන්නෙ. ශ‍්‍රී ලංකාව මීටර 400 ඉසව්වෙන් දැන් පසුබැහැලා තියෙන්නේ. ඉතිං මම සුනිල් සර් සමග කතා කරලා තීරණය කළා මීටර 400 ඉසව්ව නියෝජනය කරන්න යැයි”  ෂෙහාන් පැවසීය.

2010 වසරේ ඩකා දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 සහ මීටර 100X4 ඉසව් දෙකේ රන් පදක්කම් දිනාගත් ෂෙහාන් මීටර 200 ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේය.

මෙවැනි දස්කම් අතර සිටින ෂෙහාන්, 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 100X4 සහය දිවීමේ ඉසව්වට පමණක් සහභාගිවීම කා අතරත් වැඩි කතාබහට ලක්විය.

”පසුගිය කාලේ ඉගෙනීමේ කටයුතු වල නිරතවුණා. ක‍්‍රීඩාව වෙනුවෙන් 100% ක කාලයක් යොදවන්න මට බැරි වුණා. එනිසා සාග් තේරීම් තරගාවලියේදී මට දස්කම් අතරට ඒමට නොහැකි වුණා.

”ඉදිරියේදී 100% ක කාලය ක‍්‍රීඩාව වෙනුවෙන් යොදාගෙන මීටර 400 ඉසව්වට සහභාගි වීම මගේ ඉලක්කයයි” යැයි ෂෙහාන් වැඩි දුරටත් කීය.

මීටර 100 ඉසව්ව නියෝජනය කරමින් සිට මීටර 400 ඉසව්වට යොමු වීම තමන්ට අභියෝගයක් නොවන බව ෂෙහාන් පවසයි.

”දමයන්ති දර්ශා මීටර 100, මීටර 200 සහ මීටර 400 යන ඉසව් තුනම නියෝජනය කරමින් පදක්කම් දිනා ගත් ලංකාවේ බිහි වු විශිෂ්ට ක‍්‍රීඩිකාවක්. ඇයගේ පුහුණුකරු වුණෙත් සුනිල් ගුණවර්ධන මහතායි.

සුනිල් සර් මා සමග පැවසුවේ ”අපි උත්සහ කරමු 400 ඉසව්වෙන් ඉදිරියට යන්න යැයි”  ෂෙහාන් වැඩි දුරටත් කීවේය.

මීටර 400 ඉසව්වෙන් අපේක්ෂිත ඉලක්කයට ළ`ගා වීමට මාස අටක් වැනි කාලයක් පුහුණුවීම් කිරීම අවශ්‍ය වන බව ෂෙහාන් ගේ අදහසයි.

යුද හමුදාවේ දිලිප් කුමාර් මීටර 400 ඉසව්වේ වත්මන් ශ‍්‍රී ලංකාවේ ශූරයාවේ. දිලිප්ට සාග් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරු ෂෙහාන්, පසු කලෙක ගේට්වේ ජාත්‍යන්තර පාසලට ගොස් අධ්‍යාපනය මෙන්ම ක‍්‍රීඩාවේද නියැලූණි.

ශ‍්‍රී ලංකාවේ කෙටිදුර ධාවනයේ යෙදෙන ක‍්‍රීඩකයන්ගෙන් වාසනාවන්තම ක‍්‍රීඩකයා වීමේ අවස්ථාවක් ෂෙහාන්ට ලැබුණි. ඒ වසර දෙකක කාලයක් ජැමෙයිකාවේ පුහුණුවීම්වල නිරතවීමේ දුර්ලභ අවස්ථාවයි. එසේ වුවත් ෂෙහාන් පවසන්නේ එම පුහුණුවීම සාර්ථක එකක් නොවු බවයි.

”2010 සිට 2012 දක්වා මම ජැමෙයිකාවේ මීටර 100 ඔලිම්පික් රන් පදක්කම් ලාභී උසේන් බෝල්ට්ගේ පුහුණුකරු යටතේ පුහුණුවීම්වල නිරත වුණා... හැබැයි ඒ පුහුණුවීම සියයට සියයක් සාර්ථකයි කියන්න බෑ”

”මොකද ජැමෙයිකාවේ ක‍්‍රීඩකයන් දෙස බැලූවොත් එයාලා අපි කරන පුහුණුවීම් වගේ දෙගුණයක් පුහුණුවීම් කරනවා”

”උෂේන් බෝල්ට් එක්ක දුවන්නත් මට අවස්ථාව ලැබුණා, ඒ වගේම බෝල්ට්ට අවස්ථා කීපයකදීම අභියෝගයක් වු යොහාන් බ්ලේක් සමගත් මීටර 200 ඉසව්වට සහභාගිවෙලා මම හො`ද කාලයක් වාර්තා කළා”

 ”හැබැයි එකම ප‍්‍රශ්නෙ එහේ පුහුණුවීම් ලංකාවට වඩා ගොඩක් වැඩියි වෙහෙස කරයි” යැයි ජැමෙයිකාවේ පුහුණුවීම් ගැන ෂෙහාන් පැවසීය.

මීටර 400 ඉසව්වෙන් දකුණු ආසියාවේ පළමුවැනියා වීම පළමු අපේක්ෂාව බව පවසන ෂෙහාන් වත්මන් මීටර 400 ඉසව්වේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පසුබෑම පිළිබ`දව වැඩිදුරටත් පැවසුවේ මෙලෙසිනි.

”වර්තමානයේ ලංකාවේ මීටර 400 ඉසව්වේ හො`දම කාලය තත්පර 47.01 යි. ඉස්සර බැලූවොත් අපේ ක‍්‍රීඩකයන් 45.01 ට 45.02 ක් වගේ අඩු කාලයකින් දිව්වා
”ඉතිං මගේ විශ්වාසය තියෙන්නේ 45.07 ටවත් දුවන්න පුඵවන් නම් ආසියාව අපට ජය ගන්න පුඵවන්” යයි ෂෙහාන් පවසන්නේ දැඩි විශ්වාසයකිනි.

මීටර 100 සිට මීටර 400 ට යොමු වීමේදී තමන්ට ලොකු වෙනසක් නැතැයි ෂෙහාන් අඹේපිටිය පවසයි.

ප‍්‍රවීණ මලල ක‍්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ ජැමෙයිකාවේ පුහුණුවීම් අතරතුරදී පාදයේ ඇතිවූ ආබාධයක් නිසා ෂෙහාන් තරමක් බියවී සිටින බවයි.

”ජැමෙයිකාවේ වසර දෙකක් ලැබු පුහුණුව අතරතුරදී ෂෙහාන් පාදයේ ආබාධයකට ලක්වුණා. සුව වෙලා තිබුණත් එයාගේ හිතේ තවම බිය තියෙනවා.

”කොහොම වුණත් ෂෙහාන් මීටර 400 ඉසව්වේ පුහුණුවිම් මැයි හෝ ජුනි මස ආරම්භ කරනවා...එතැනදී තමා ඔහු මීටර 400 ඉසව්වට සුදානම් විය යුතු ආකාරය තීරණය කෙරෙන්නේ යැයි”  ගුණවර්ධන මහතා පැවසීය.

සුගත් තිලකරත්න, රොහාන් ප‍්‍රදීප් කුමාර සහ ප‍්‍රසන්න අමරසේකර මීටර 400 ඉසව්වෙන් ආසියාවේ පදක්කම් දිනාගත් ශ‍්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට ක‍්‍රීඩකයෝ තිදෙනෙකි. මීටර 400 ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාව (තත්පර 44.61) පිහිටුවා ඇත්තේද ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතාය.

 


අදහස් (0)

ෂෙහාන් මීටර 400 ඉසව්වට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.