Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් අටක්

ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් අටක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) තෙවැනි දිනය (7) අවසානයේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් අටක් දිනා දෙවැනි ස්ථානයේ සිටියේය. ශ‍්‍රී ලංකාව රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් සමගින් පදක්කම් 40 ක් දිනා සිටි අතර ඉන්දියාව දිනා තිබු සමස්ත පදක්කම් ගණන 45 කි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද දිනයේදී රන් පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්වුහ. පිහිනුම් ශූර මැතිව් අබේසිංහ (මීටර 50 නිදහස් ආර පිරිමි ඉසව්ව), හසිත ලක්ෂාන් (වූෂු තාවුලූ අංශයේ චැන්ග්කුයෑන් ඉසව්ව), කිමිකෝ රහීම් (මීටර 200 පසුපස ආර පිහිනුම් කාන්තා ඉසව්ව) සහ ජීවන් ජයසිංහ (කිලෝමීටර 60 ක‍්‍රයිටේරියම් පාපැදි පිරිමි ඉසව්ව) රන් පදක්කම් දිනාගත් එම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

මැතිව් අබේසිංහ මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා බවට පත්වෙමින් පිහිනුම් ඉසව්වලදී රන් පදක්කම් හතරක්ම දිනා ගෙන සිටියි. බර ඉසිලීමේ ක‍්‍රීඩක චින්තන විදානගේ කිලෝග‍්‍රෑම් 77 බර පංතියේ රිදී පදක්කමක් ලැබීම අද දිනයේ සිදු වු අවාසනාවන්ත සිදුවීමක් විය.

ඉන්දියාව රන් පදක්කම් 30 ක් දිනා පළමු ස්ථානයේ සිටි අතර පාකිස්තානය රන් පදක්කම් දෙකක් ලබා තෙවැනි ස්ථානයේ පසුවිය. ඉන්දියාව රන් පදක්කම් 30 ට අමතරව රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා තිබිණ.

 

රට   රන්  රිදී  ලෝකඩ  එකතුව
ඉන්දියාව 30 12 3 45
ශ්‍රී ලංකාව  8 18 14 40
පාකිස්තානය  2 5 8 15
බංග්ලාදේශය  2 3 14 19
නේපාලය  0 3 6 9
ඇෆ්ගනිස්තානය  0 1 3 4

 

- 090 


අදහස් (0)

ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් අටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.