Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මේස පන්දුවෙන් ලෝකඩ පදක්කම් 5ක්

මේස පන්දුවෙන් ලෝකඩ පදක්කම් 5ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ අද (10 වැනිදා) පැවැති මේස පන්දු තරග වලදී ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

කාන්තා පළමු අවසන් පූර්ව තරගයේදී වට 4-1 ක් ලෙස ඉන්දියාවේ බාත‍්‍රා මානික් හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ අංක එකේ මේසපන්දු කී‍්‍රඩිකා ඉෂාරා මධුරංගිට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 4-0 ක් ලෙස ඉන්දියාවේ දාස් මොවුමා හමුවේ පරාජය වීම නිසා රුවිනි කන්නංගරටද එම ඉරණමම අත්විය.

දාස් මොවුමා එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර බාත‍්‍රා මානික්ට එහි රිදී පදක්කම හිමිවිය.

පිරිමි යුගළ අවසන් පූර්ව වටයේ තරග වලදී ඉන්දීය කී‍්‍රඩකයන් හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා යුගළ කණ්ඩායම් දෙකටම එම ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිවූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි රොහාන් සිරිසේන සහ චමීර ගිණිගේ පළමු කණ්ඩායමටද, උදය රණසිංහ සහ නිර්මාල් ජයසිංහ දෙවැනි කණ්ඩායමටද කී‍්‍රඩා කළහ.

කාන්තා යුගළ ලෝකඩ පදක්කම දිනාගැනීමට ඉෂාරා මධුරංගි සහ එරන්දි වරුසවිතාන සමත් වූ අතර එම ඉසව්වේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ බාත‍්‍රා මානික් සහ සහස‍්‍රබෝධි පූජා හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ටද අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.


- 036

 


අදහස් (0)

මේස පන්දුවෙන් ලෝකඩ පදක්කම් 5ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.