Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ ස්කොට්ලන්තය අතර හොබාර්ට්හි බෙලරිව් ඕවල් පිටියේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයේදී පාදයේ විලූඹ ආශී‍්‍රත ආබාධයකට ලක්වූ ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ තත්ත්වය බරපතල නොවන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරීහු කියති.
පන්දු රකිමින් සිටියදී මැතිව්ස්ගේ දකුණු පාදයේ විලූඹ ආසන්නයේ වේදනාවක් ඇතිවීම නිසා ශී‍්‍ර ලංකා පිල පන්දු රැකීමට පිටියට පිවිසීමෙන් මඳ වේලාවකට පසුව මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියේය. ඉදිරියේ පැවැත්වෙන තරග පිළිබඳව සිතා බලා පූර්ව ආරක්‍ෂාකාරී පියවරක් ලෙසින් මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියද ඔහුගේ තත්ත්වය බරපතළ නොවූ බව කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.
”අපට ඊළග තරගය වෙනකම් තවත් සතියක් තියෙනවානේ. ඒ හින්දා මැතිව්ස් ගැන කලබල වෙන්න දෙයක් නෑ” යයිද පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයා පැවසීය.
එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දුවක් වැදීම නිසා තුවාල ලද රංගන හේරත් ඕස්ටේ‍්‍රලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩා නොකළ නමුත් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීම සඳහා සූදානම් වෙයි.
හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් අද (12 වැනිදා) ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණ අතර තවත් දින දෙකකින් පමණ හේරත් පන්දු යැවීම ආරම්භ කරනු ඇතැයිද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.