Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මහේලගේ ඇඟිල්ලක අස්ථි විසන්ධිවීමක්

මහේලගේ ඇඟිල්ලක අස්ථි විසන්ධිවීමක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ලෝක කුසලාන තරගයේ උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා මහේල ජයවර්ධනගේ වම් අතේ වෙදගිල්ල විසන්ධි වී තිබේ. පන්දුව වැදුණු අවස්ථාවේදීම වේදනාවෙන් මිරිකෙමින් අත අල්ලාගත් මහේල පිටියෙන් ඉවත්ව ගියේය.

පන්දු රැකීමට පෙර එම තරගයේදී ලකුණු 89 ක් ලබාගැනීමටද මහේල සමත් විය.
”මහේලගේ ඇගිල්ලක අස්ථි විසන්ධි වෙලා. අපි හෙට ඒ ගැන එක්ස් කිරණ පරීක්‍ෂණයක් කරනවා. ඒත් ඊළග තරගය තියෙන්නේ සඳුදා නිසා මා හිතනවා ඔහු ඒ වෙනකොට සුවය ලබා ඉඳීවි කියා” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (27 වැනිදා) රාති‍්‍රයේ තරගයෙන් අනතුරුව පැවසීය.

මහේලගේ තත්ත්වය පිළිබඳව අද (28 වැනිදා) දහවල් ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් කළ විමසීමේදී මයිකල් ද සොයිසා මහතා පැවසුවේ ඔහුගේ ඇගිල්ලේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගත් නමුත් එහි අස්ථි පිපිරුමක් පිළිබඳ සලකුණු නොවූ බවත්ය.

”අස්ථි විසන්ධිවීම නිසා දැනට ඔහුගේ අතේ වේදනාවක් තියෙනවා. ඒත් සඳුදා තරගය වන විට ඔහු සුවය ලබනු ඇතැයි කියා අප විශ්වාස කරනවා” යයිද මයිකල් ද සොයිසා මහතා පැවසීය.


අදහස් (3)

මහේලගේ ඇඟිල්ලක අස්ථි විසන්ධිවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.