Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 බෝලිංගේ වාර්තාව මැතිව් බිඳ දමයි

බෝලිංගේ වාර්තාව මැතිව් බිඳ දමයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැතිවෙන 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) පිහිනුම් තරග අවසන් වන විට රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 2 ක් සමගින් පදක්කම් 9 ක් දිනා නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සමත් විය.

මීටර් 200 නිදහස් ආර (විනාඩි 1:52.28), මීටර් 100 සමනළ ආර (තත්ත්පර 55.42), මීටර් 50 නිදහස් ආර (තත්පර 23.33), මීටර් 400 මිශ‍්‍ර ආර (විනාඩි 4:40.85), මීටර් 200 මිශ‍්‍ර ආර (විනාඩි 2:11.65), මීටර් 100 නිදහස් ආර (තත්ත්පර 51.23) සහ මීටර් 100X4 නිදහස් ආර (විනාඩි 3:30.11) යන ඉසව් වලදී මැතිව් රන් පදක්කම් දිනාගත්තේය.
 
මීටර් 100X4 මිශ‍්‍ර ආර (විනාඩි 3:49.78) සහ මීටර් 200X4 නිදහස් ආර (විනාඩි 7:58.99) ඉසව් වලදී ඔහුට රිදි පදක්කම් හිමිවිය.

මෙය දකුණු ආසියානු කී‍්‍රඩා ඉතිහාසයේ එක් කී‍්‍රඩකයකු දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමක් වන අතර මින් පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ ශ්‍රී ලංකාවේ ජූලියන් බෝලිංය.

ජූලියන් බෝලිං 1991 වසරේ කොළඹදී පැවැති 5 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී රන් පදක්දකම් 6 ක් දිනාගනිමින් එම වාර්තාව පිහිටුවා තිබිණ. මීටර් 200 නිදහස් ආර, මීටර් 400 නිදහස් ආර, මීටර් 1500 නිදහස් ආර, මීටර් 200 සමනළ ආර, මීටර් 400 මිශ‍්‍ර ආර, මීටර් 200X4 නිදහස් ආර යන ඉසව්ව වලදී බෝලිං රන් පදක්කම් දිනා ඇත.

 


- 036

 


අදහස් (0)

බෝලිංගේ වාර්තාව මැතිව් බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.