Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 බට්ලර්ට ආපහු එන්න කිවුවා නම් හොඳයි - අර්ජුන

බට්ලර්ට ආපහු එන්න කිවුවා නම් හොඳයි - අර්ජුන

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 41 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එජ්බැස්ටන්හිදී පසුගිය අගහරුවාදා පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ජොස් බට්ලර් දවාගත් ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නිවැරදි නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහගුණය පවත්වා ගැනීම වෙනුවෙන් පිතිකරුවා නැවතත් පිටියට කැඳවිය යුතුව තිබුණේ යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ඒ. එෆ්. පී. පුවත් සේවයට පැවසීය.

”මිනිහාව දවාගත්තායින් පස්සේ ඇන්ජලෝ එයාට නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව දුන්නා නම් හොඳයි....මා ඇන්ජලෝ මැතිව්ස්ට හෝ පන්දු යැවූ සචිත‍්‍ර සේනානායකට දොස් කියන්නේ නෑ. ඒත් මා නායකයා වුණා නම් කරන්නේ ඒකයි” යයි රණතුංග මහතා පැවසීය.

”අපි දෙවතාවක්ම බට්ලර්ට අවවාද කළා කියලා කොහේවත් ලියැවෙන්නේ නෑනේ. ඒත් අපි එයාට ආපසු කතාකළා නම් ඒක සටහන් වෙන්නේ අපි ඔහුට නිසි පරිදි අවවාද කළා කියලයි” යයි රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

තරගයේ 42 වැනි  ඕවරය යැවීමට සචිත‍්‍ර සේනානායක දිව එද්දී ජොස් බට්ලර් තම සීමාවෙන් ඉවතට යනු දුටු සේනානායක ඔහුට දෙවරක්ම අවවාද කළ අතර ඒ පිළිබඳව විනිසුරුවරයාටද දැනුම් දුන්නේය. එහෙත් 44 වැනි  ඕවරයේදී සේනානායක විසින් පන්දු යවන්නාගේ අන්තයේදී ජොස් බට්ලර් දවාගන්නා ලදි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීත්‍යානුකූල තත්ත්වයක් යටතේ කරන ලද එම ඉල්ලීම අනුමත කිරීම බලාපොරොත්තු වන්නේද යන්න විනිසුරුවරයා ශී‍්‍ර ලංකා නායකයාගෙන් කළ විමසීමේදී නායක ඇන්ජලෝ මැතිව්ස්ද එය අනුමත කරන්න යයි පැවසීය. ඒ අනුව ජොස් බට්ලර්, ලකුණු 21 ක් ලබා සිටියදී, දුවද්දී දැවී ගිය කී‍්‍රඩකයකු වශයෙන් නම් කෙරුණු අතර නැවතත් පිටියට කැඳවීමක් නොකෙරිණ.  

පසුගිය සෙනසුරාදා (31 වැනිදා) ලෝඞ්ස්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයේදී ප‍්‍රහාරාත්මක ලකුණු 121 ක් ලබාගත් ජොස් බට්ලර් එංගලන්ත පිල ජයග‍්‍රහණය කරවීමේ දැඩි උත්සාහයක යෙදුණද අවසන් මොහොතේදී එය අසාර්ථක විය.

වසර 18 කට පෙර, 1996 දී, ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලෝක කුසලන දිනා දුන් නායකයා පවසන්නේ ශී‍්‍ර ලංකා පිල කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති ප‍්‍රකාරව කටයුතු කළ නමුත් බට්ලර්ට තවත් අවස්ථාවක් දුන්නා නම් හොඳ බවයි.

මෙම සිදුවීමට කෝපාවිෂ්ඨව ප‍්‍රතිචාර දැක්වූ එංගලන්ත නායක ඇල්ස්ටෙයාර් කුක් පවසා සිටියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ”සීමාව පැන්නා” කියාය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසා සිටියේද බට්ලර්ට කලිනුත් අවවාද කර තිබුණු බවයි.

”අපේ කොල්ලන් බට්ලර්ට අවවාද කළේ නෑ කියලා කාටවත් කියන්න බෑ.......මැයි සහ ජූනි මාසවලදී එංගලන්ත පිල එංගලන්තයේදීම පරාජය කිරීම විදේශීය කණ්ඩායමකට ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඒකෙන් කියන්නේ අපි හොඳ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වෙනවා කියන එකයි”

”අනෙක් අය කියන දේවලින් අපට වැඩක් නෑ. අපි බට්ලර්ට දෙවතාවක් අවවාද කරලා ඔහුව දවාගත්තේ තුන්වැනි අවස්ථාවේදීයි. ඒකේ කිසිම වැරැද්දක් නෑ” යයි සනත් ජයසූරිය පැවසීය.

මේ අතර  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් සිඞ්නි නුවර සිට පැවසුවේ එම දවාගැනීමේ කිසිදු වරදක් නැති බවයි.

”අදාළ කී‍්‍රඩකයාට අවවාද කරලා තියෙනවා. නීතියටත් අනුකූලයි. ඒ නිසා (පන්දු රකින කණ්ඩායමේ) කී‍්‍රඩකයන්ට  ඕනෑම තීරණයක් ගන්න පුළුවන්”

” ඕස්ටේ‍්‍රලියානුවෙක් එහෙම කරයිද කියලා ඇහුවොත් ‘නෑ, මගේ නායකත්වය යටතේ කවදාවත් එහෙම වෙන්නේ නෑ’ කියලා මම මෙතන ඉඳන් කියනවා නම් ඒක අනුවණ කමක්”

”මගේ නායකත්වය තියෙන අවස්ථාවක එහෙම දෙයක් වුණොත්, මා ඒක ඒ අවස්ථාවේ හැටියට සිතා බලනවා” යයිද මයිකල් ක්ලාක් පැවසීය.


අදහස් (41)

බට්ලර්ට ආපහු එන්න කිවුවා නම් හොඳයි - අර්ජුන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.