Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 බංග්ලාදේශ පිතිකරුවෝ මූලික ඉලක්කය පසුකරති

බංග්ලාදේශ පිතිකරුවෝ මූලික ඉලක්කය පසුකරති

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (06) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම ස`දහා කඩුලූ 8 ක් දැවී ලකුණු 409 ක් රැස්කර සිටියේය.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලකුණු 587 ක් රැස් කර තිබිණ. අද සවස වන විට බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට වඩා තවත් ලකුණු 178 ක් පිටු පසින් සිටි නමුත් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවෙමින් සිය මූලික ඉලක්කය වූ ලකුණු 387 පසුකර යාමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ.

අද සවස ක‍්‍රීඩාව නතර කරන විට මහුමුදුල්ලා (නොදැවී 30) සහ අල් අමීන් හොසේන් (නොදැවී 03) පන්දුවට පහර දෙමින් සිටියහ. ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන්නන් වන අජන්ත මෙන්ඩිස් (84/4) සහ ඩිල්රුවන් පෙරේරා (119/3) බංග්ලාදේශ ඉනිමේ බිද වැටුණු කඩුලූ අටෙන් හතක් බෙදා ගැනීමට සමත් වූහ.

ඩිල්රුවන් පෙරේරා යැවූ දිනයේ අවසන්  ඕවරයේදී මහුමුදුල්ලා, ලෝන්  ඕන් කළාපයට දුන් පහසු උඩ පන්දුවක් දිමුත් කරුණාරත්න වෙතින් ගිලිහී ගියේ මහමුදුල්ලා තවදුරටත් පිටියේ ඉතිරි කරමිනි.

තෙවැනි දිනයේ අණසක පතුරුවමින් බංග්ලාදේශ පිතිකරුවෝ කඩුලූ 7 ක් දැවී  යන අතරේදී ලකුණු 323 ක් රැස් කිරීමට සමත් වූහ. ඉම්රුල් කයිස් (115) සහ ශම්සූර් රහමන් (106) දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 232 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් වූහ.

වසර 14 ක බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව මෙය වේ. මීට පෙර ටමීම් ඉක්බාල් සහ ජුනයිඞ් සිද්දික් දෙවැනි කඩුල්ල සදහා 2010 වසරේ ඉන්දියාවට එරෙහිව ඩකාහිදී ලකුණු 200 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

මෙම සම්බන්ධතාව බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ දෙවැනි ඉහළතම සම්බන්ධතාව වේ. මොහොමඞ් අෂ්රාෆුල් සහ මුෂ්ෆිකුර් රහීම් 2013 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 267 ක සම්බන්ධතාවක් පවත්වමින් හොඳම ටෙස්ට් සම්බන්ධතාවේ වාර්තාවට හිමිකම් කියති.

වසර දෙකකට පසුව ටෙස්ට් පිලට කැදවූ 27 හැවිරිදි ඉම්රුල් කයිස් පන්දු 218 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 115 ක් රැස්කළ අතර මෙය කයිස්ගේ මංගල ටෙස්ට් ශතකය වේ.

සිය දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ආරම්භක පිතිකරු ශම්සූර් රහමන් පන්දු 191 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 106 ක් රැුස් කළේය. 25 හැවිරිදි ශම්සූර්ගේ ද මංගල ටෙස්ට් ශතකය මෙයයි.

දිවා ආහාරයට මඳ වේලාවකට පසුව අජන්ත මෙන්ඩිස් ක‍්‍රියාත්මක වෙමින් ශතක ලාභීන් දෙදෙනාම පිටියෙන් ඉවත් කරමින් ලකුණු 252 කට කඩුලූ තුනක් බවට පත් කළේය. දිනය අවසන් වීමට  ඕවර 4 ක් පමණක් තිබියදී පිට පිටම පන්දු දෙකකදී හත්වැනි සහ අටවැනි කඩුලූ දවා ගනිමින් බංග්ලාදේශ පිල පසු පසට තල්ලූ කිරීමට අජන්ත මෙන්ඩිස් සමත් විය.   

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (05) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශය එක කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය.

හෙට (7 වැනිදා) තරගයේ සිවුවැනි දිනයයි

ලකුණු පුවරුව

048


අදහස් (2)

බංග්ලාදේශ පිතිකරුවෝ මූලික ඉලක්කය පසුකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.