Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පවුම් මිලියන 3 ක විම්බල්ඩන් පොරය

පවුම් මිලියන 3 ක විම්බල්ඩන් පොරය

Dilrukshi - 2015 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පවුම් මිලියන තුනකට ආසන්න ත්‍යාග මුදලක් බෙදා දෙන ලොව පැරැණිතම ටෙනිස් තරගාවලිය වන විම්බල්ඩන් ශූරතාවලිය හෙට (29) ලන්ඩනයේ විම්බල්ඩන් හී ‘ ඕල්ඞ් ඉංග්ලන්ඞ් ලෝන් ටෙනිස් කී‍්‍රඩා සමාජ පිටියේ දී ඇරැුඹේ. ජාත්‍යන්තර ටෙනිස් සංගමය හා එක්ව  ඕල්ඞ් ඉංග්ලන්ඞ් ලෝන් ටෙනිස් කී‍්‍රඩා සමාජය මෙහෙයවන විම්බල්ඩන් ශූරතාවලියේ මෙවර ත්‍යාග මුදල පසුගිය වසරට වඩා 7% කින් ඉහළ යාම එහි ජනපි‍්‍රයත්වයට කදිම නිදසුනකි.

129 වැනි වරට පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය මේ වසරේ පැවැත්වෙන තුන්වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය ද වේ.

වසර 1877 දී ආරම්භ වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා අතර ඇති,  තණකොළ සහිත පිටියක පැවැත්වෙන එකම තරගාවලිය බැවින් එය සෙසු තරගාවලි අතර කැපී පෙනෙන්නකි. විම්බල්ඩන් තරගාවලිය සෑම වසරකම ජූනි අගභාගයේ සිට ජූලි මස මුල් භාගය දක්වා දින 14 ක කාලයක් පුරා පැවැත්වෙන අතර සඳුදා දිනයක ආරම්භ වී ඉරිදා දිනෙක නිමාවට පත්වීම විශේෂත්වයකි.

කාන්තා හා පිරිමි කේවල, යුගළ හා මිශ‍්‍ර යුගළ තරග ඉසව් මෙන්ම කනිෂ්ඨ කාන්තා හා පිරිමි කේවල, යුගළ තරග සමග කාන්තා හා පිරිමි රෝද පුටු යුගළ තරග ඉසව් ද මීට ඇතුළත්ය.

අඩුවැඩි වශයෙන් සම්ප‍්‍රදායික මුහුණුවරක් ගත් විම්බල්ඩන් තරගාවලියේ දක්නට ලැබෙන විශේෂත්ව කිහිපයකි. මීට තරග කරන සෑම ක‍්‍රීඩක කී‍්‍රඩිකාවකටම ඊට නියමිත ඇ‍ඳුම් කට්ටලයක් නියම කොට තිබේ. එමෙන්ම පිටියේ කිසිදු තැනක අනුග‍්‍රාහක දැන්වීම් පුවරුවලින් තොරවීම ද විශේෂත්වයකි.

විම්බල්ඩන් මංගල තරගාවලිය පැවැත්වූ 1877 වසරේ ඊට ඇතුළත්ව තිබුණේ පිරිමි කේවල තරගාවලියක් පමණි. ඊට කාන්තා කේවල තරග ඉසව්ව හා පිරිමි යුගළ තරග ඉසව්ව ඇතුලත් වූයේ 1884 වසරේ සිටය. 1913 වසරේ දී කාන්තා යුගළ තරග හා මිශ‍්‍ර යුගළ තරග ඊට එක්විය.

විම්බල්ඩන් තරගාවලියේ මුල් කාලයේ දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වන්නේ 1922 වසර වනතුරු ඊට පෙර වසරේ කේවල ශූරතා දිනූ කී‍්‍රඩකයාට හා කී‍්‍රඩිකාවට අවසන් මහා තරගය දක්වා උසස්වීමක් ලබාදී තිබීමය. ඒ අනුව පෙර වසරේ ශූරයා සහ ශූරිය ඊළ`ග වසරේ දී තරග වදින්නේ අවසන් මහා තරගයට පමණි. එමෙන්ම මේ තරගාවලිය එකල සීමාවී තිබුණේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ආධුනික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණි. එහෙත් 60 දශකය අගභාගය වෙද්දී විම්බල්ඩන් තරගාවලියේ මුහුණුවර සැළකිය යුතු ආකාරයෙන් වෙනසකට භාජනය විය.

1968 වසරේදී එය විවෘත තරගාවලියක් බවට පත්වූ අතර ශූරතාවට හිමිකම් කියන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පවා ඊළ`ග තරගාවලියේ දී මූලික වටයේ සිට තරග කළ යුතු විය. එමෙන්ම එතෙක් ජයග‍්‍රාහකයන්ට කුසලාන පමණක් පිරිනැමුණු තරගාවලියට මුදල් ත්‍යාග ඈඳුණේ ද 1968 වසරේදීය.

එතෙක් මෙතෙක් වැඩිම වාර ගණනක් විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව දිනාගැනීමේ ගෞරවයට  හිමිකම් කියමින් ශූරතා 7 බැගින් දිනා ගැනීමට බි‍්‍රතාන්‍යයේ විලියම් රෙන්ෂෝ (1881 වසරේ සිට 1889 දක්වා), අමෙරිකාවේ පීට් සම්ප‍්‍රාස් (1993 සිට 2000 දක්වා) සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් (2003 සිට 2012 දක්වා)සමත්ව සිටිති. 

අමෙරිකාවේ හිටපු සුපිරි කී‍්‍රඩිකා මාටිනා නව්රතිලෝවා (1978 සිට 1980 දක්වා) විම්බල්ඩන් ශූරතා 9 ක් දිනාගනිමින් වැඩිම වාර ගණනක් විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාවට හිමිකම් කී කී‍්‍රඩිකාව බවට පත්වූවාය. මීට අමතරව ප‍්‍රංශයේ ස්ටෙෆී ග‍්‍රාෆ් (1988 සිට 1996 දක්වා* ශූරතා 7ක් දිනාගත්තාය.

වර්තමානයේ ජාත්‍යන්තර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් (2002 සිට) හා ඇගේ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස් (2000 සිට 2008 දක්වා)විම්බල්ඩන් ශූරතා 5 බැගින් දිනා සිටිති.
මෙවර විම්බල්ඩන් තරගාවලියට එක්වී සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතර ශූරතාව දිනාගනු ඇතැයි අනාවැකි පළවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කිහිපදෙනෙකි. ඒ අතර ඉදිරියෙන්ම පසුවන්නේ සෙරීනා විලියම්ස්ය.

33 හැවිරිදි සෙරීනා මීට පෙර විම්බල්ඩන් ශූරතා 5 ක් මෙන්ම අමෙරිකානු විවෘත ශූරතා 6 ක් ද, ඔස්ටේ‍්‍රලියානු ශූරතා 6 ක් ද, ප‍්‍රංශ විවෘත ශූරතා 3 ක් ද දිනා සිටින්නීය. කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන චෙක් රාජ්‍යයේ පෙට‍්‍ර ක්විටෝවා පසුගිය වසරේ විම්බල්ඩන් ශූරතාව දිනූ කී‍්‍රඩිකාවයි. 25 හැවිරිදි ක්විටෝවා විම්බල්ඩන් ශූරතා 2කට හිමිකම් කියන්නීය.

ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින 28 හැවිරිදි රුසියානු කී‍්‍රඩිකා මරියා ෂරපෝවා ද මෙවර විම්බල්ඩන් ශූරතාවට අත පොවන කී‍්‍රඩිකාවන් අතර ඉදිරියෙන් සිටින්නීය. ඇය දැනට විම්බල්ඩන් ශූරතා 4කට, අමෙරිකානු විවෘත ශූරතා 6කට, ඔස්ටේ‍්‍රලියානු විවෘත ශූරතා 8කට සහ ප‍්‍රංශ විවෘත ශූරතා 2කට හිමිකම් කියන්නීය.

පසුගිය වසරේ විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව දිනූ, දැනට ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් මෙවර සිය කිරුළ රැුකගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. මීට පෙර විම්බල්ඩන් ශූරතා දෙකක් දිනා ඇති මේ 28 හැවිරිදි කී‍්‍රඩකයා අමෙරිකානු විවෘත ශූරතාවක් සහ ඔස්ටේ‍්‍රලියා විවෘත ශූරතා 5 ක් දිනා සිටී.

මීට පෙර වසර ගණනාවක් පුරා ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ද මෙවර විම්බල්ඩන් ශූරතාවට ඇස ගසා සිටි. 33 හැවිරිදි ෆෙඩරර් මෙතෙක් විම්බල්ඩන් ශූරතා 7 ක්, අමෙරිකානු විවෘත ශූරතා 5 ක්, ඔස්ටේ‍්‍රලියානු විවෘත ශූරතා 4 ක් සහ ප‍්‍රංශ විවෘත ශූරතාවකට හිමිකම් කියයි.

ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන පසුවන බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ ද සටනට එක්වී සිටී. 28 හැවිරිදි මරේ මෙතෙක් විම්බල්ඩන් ශූරතාවක් සහ අමෙරිකානු විවෘත ශූරතාවක් දිනා සිටී. පසුගියදා පැවැති ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඩිජොකෝවික්ගේ බලාපොරොත්තු බිඳ දමා  කිරුළ දිනාගත් ස්විට්සර්ලන්තයේ ස්ටැන් වව්රින්කා ද මෙවර තරගාවලියේ ප‍්‍රබලතම සටන්කරුවකු බවට පත්ව සිටි.

වව්රින්කා ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළට අමතරව මීට පෙර ඔස්ටේ‍්‍රලියානු විවෘත  ශූරතාවක් දිනා ගත්තේය. සියලූ කරුණු කාරණා මැද ජීවයෙන් හා තරගකාරීත්වයෙන් යුතු තරගාවලියක සාක්ෂිකරුවන් වීමට කී‍්‍රඩාලෝලීහු උනන්දුවෙන් යුතුව බලා සිටිති.

 


අදහස් (0)

පවුම් මිලියන 3 ක විම්බල්ඩන් පොරය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.