Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පිහිනුම් තටාකයෙන් අදත් රන් පදක්කම් 3 ක්

පිහිනුම් තටාකයෙන් අදත් රන් පදක්කම් 3 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) හයවැනි දිනය වන අද (10 වැනිදා) පැවැති පිහිනුම් තරග වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

එහිදී පිරිමි මීටර් 200 මිශ‍්‍ර ආර ඉසව්ව විනාඩි 2:09.63 කින්ද, මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්ත්පර 51.23 කින්ද නිමා කරමින් එම ඉසව් දෙකේම රන් පදක්කම් දිනාගැනීමට මැතිව් අබේසිංහ සමත් විය. ඒ අනුව මේ දක්වා මෙම තරගාවලියේදී ඔහු දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව 7 කි. මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්ත්පර 51.23 කින්ද නිමා කළ චිරන්ත ද සිල්වා එහි රිදී පදක්කමට හිමිකම් කීවේය.

අද දිනයේදී සිය පස්වැනි රන් පදක්කම දිනාගැනීමට කිමිකෝ රහීම් සමත් වූයේ කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්ත්පර 57.20 කින් නිමා කරමිනි. තත්ත්පර 59.64 කින් එම ඉසව්ව අවසන් කළ මිචිකෝ රහීම් එහි රිදී පදක්කමට හිමිකම් කීවාය.

පිරිමි මීටර් 100X4 මිශ‍්‍ර ආර ඉසව්ව විනාඩි 3:58.11 කින් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහි රිදී පදක්කම දිනාගත් අතර මැතිව් අබේසිංහ, කිරාන් ජයසිංහ, චිරන්ත ද සිල්වා සහ කයිල් අබේසිංහ යන කී‍්‍රඩකයෝ එම කණ්ඩායමට ඇතුළත් වූහ.

අද පැවැති අනෙක් පිහිනුම් තරග වලදී ලෝකඩ පදක්කම් දිනාගැනීමට චිරන්ත ද සිල්වා (පිරිමි මීටර් 50 සමනළ ආර - තත්ත්පර 25.45), හිරුනි පෙරේරා (කාන්තා මීටර් 50 සමනළ ආර - තත්ත්පර 30.21) සහ උත්මා සිල්වා (කාන්තා මීටර් 200 මිශ‍්‍ර ආර - විනාඩි 2:40.07) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

කාන්තා මීටර් 400X4 මිශ‍්‍ර ආර ඉසව්වේ හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් සමත් වුවත්, තරගය අතරතුරදී වූ නීති විරෝධී සිදුවීමක් නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයෙන් ඉවත් කරන ලද හෙයින් ඔවුන්ට එහි රන් පදක්කම අහිමිවී ගියේය.

කිමිකෝ රහීම්, හසන්ති නුගවෙල, හිරුනි පෙරේරා සහ මිචිකෝ රහීම් යන කී‍්‍රඩිකාවෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට සහභාගි වූහ.


- 036

 


අදහස් (0)

පිහිනුම් තටාකයෙන් අදත් රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.