Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 තුවාලකාරයන් ගෙදර තබා තරුණයන් තරග බිමේ

තුවාලකාරයන් ගෙදර තබා තරුණයන් තරග බිමේ

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බංග්ලාදේශයේදී අද (25 වැනිදා) ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය ආසියානු කණ්ඩායම් වල ප‍්‍රබලතම කී‍්‍රඩකයන් නොමැති තරගාවලියක් බවට පත්ව තිබේ. වසර 2011 දී ඉන්දියාවට ලෝක කුසලන දිනා දුන් නායක මහේන්ද්‍ර සිං දෝනිද තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටී.

ආසියානු කුසලාන තරගාවලියට අලූතෙන් එක්වූ ඇෆ්ගනිස්තානු කණ්ඩායම පමණක් තුවාලකරුවන් රහිතව තරග බිමට පිවිස සිටී.

මහේන්ද්‍ර සිං දෝනි නොමැති ඉන්දීය පිල විරාට් කෝලි විසින් මෙහෙයවනු ලබන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ රංගන හේරත්ද ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ද තුවාල ලබා සිටිති.

ඩිල්ෂාන් වෙනුවෙන් ළහිරු තිරිමාන්න කණ්ඩායමට එක්ව සිටින අතර රංගන හේරත් වෙනුවෙන් චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටී.
සිය ඉන ප‍්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පාකිස්තානු කී‍්‍රඩක මොහොමඞ් ඉර්ෆාන් තරගාවලියෙන් ඉවත්ව සිටින අතර බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල්ගේ ගෙළේ ඇතිව තිබෙන ආබාධයක් නිසා ඔහු මෙම තරගාවලියේදී බංග්ලාදේශ සංචිතයට ඇතුළත්ව නැත.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ලබන මාසයේදී බංග්ලාදේශයේදීම ආරම්භ වන හෙයින් සෑම කණ්ඩායමක්ම තමන්ගේ තුවාල ලත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මෙම තරගාවලියට යොදවා අවදානමක් ගැනීමට සූදානම් නැති බවක් පෙනෙන්නට තිබේ. එබැවින් නවකයන්ට අවස්ථාව උදාවී ඇත.

මේ අතර බංග්ලාදේශයේ දක්‍ෂතම කී‍්‍රඩකයකු වන සකිබ් අල් හසන්ට බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් පනවන ලද තරග 3 ක තහනමක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරග අහිමි වී ඇත.

ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ පාකිස්තානයයි. පාකිස්තානයද සමගින් ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, සත්කාරක බංග්ලාදේශය යන ටෙස්ට් රටවල් සහ ඇෆ්ගනිස්ථානය මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා කී‍්‍රඩා කරයි.

තරග 11 කින් සමන්විත තරගාවලිය ලීග් පදනම මත පැවැත්වෙන අතර වඩාත් මසාර්ථක කණ්ඩායම් දෙක මාර්තු මස 8 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.


අදහස් (1)

තුවාලකාරයන් ගෙදර තබා තරුණයන් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.