Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න

තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මීර්පූර්හි ශෙයා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී හෙට (22) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව මේ වන විටත් එක්දින තරගාවලිය ජයගෙන තිබෙන නමුත් එක්දින ශ්‍රේණිගත කිරීමේ මේ වන විට අත්කරගෙන සිටින සිවුවැනි ස්ථානය රැුක ගැනීමට නම් මෙම තරගය ජයගැනීමත් අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ.

මෙම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු විය. එහෙත් තරගාවලියේ පළමු තරග දෙක ජය ලැබීමෙන් ප‍්‍රසාද ලකුණක් හිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු 109 ක් ලබාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට එංගලන්තය (109) සමග සිවුවැනි ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකා පිල හෙට තරගයෙන් ජය ලැබුහොත් සිවුවැනි ස්ථානය රැුකගැනීමේ අවස්ථාව ලැබෙන අතර පරාජයට පත්වුහොත් නැවත් පස්වැනි ස්ථානයට තල්ලූ වෙයි.

ඕස්ටේ‍්‍රලියාව (117), ඉන්දියාව (115) සහ දකුණු අප‍්‍රිකාව (110) ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලිය ජය ලබා සිටීම නිසා මෙම තරගයේ ප‍්‍රතිඵලය තරගාවලියට කිසිදු බලපෑමක් නැත.
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් දෙවැනි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා අද (21) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි අතර ළහිරු තිරිමාන්න මේ වන විට සංචිතයට එකතු වී සිටී.  තිරිමාන්න පසුගිය වසරේ දෙසැම්බර් මස අග පාකිස්තානු සංචාරයේදී ආබාධයකට ලක්ව මාස දෙකකට ආසන්න කාලයක් විවේක ගෙන නැවතත් සංචිතයට එකතු වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙම බංග්ලාදේශ සංචාරයේදී ආබාධවලට ලක්වීමෙන් මහේල ජයවර්ධන, රංගන හේරත්, නුවන් කුලසේකර සහ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මහේල ජයවර්ධන සුවය ලැබීමෙන් පසුව මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදීම පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටින අතර රංගන හේරත්ගේ ස්ථානයට වමතින් ද`ග පන්දු යවන චතුරංග ද සිල්වා එක්වෙයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අෂාන් ප‍්‍රියංජන්, සීකුගේ ප‍්‍රසන්න, ධම්මික ප‍්‍රසාද්, කිත්රුවන් විතානගේ, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක

බංග්ලාදේශ එක්දින සංචිතය:
මුෂ්ෆිකුර් රහීම් (නායක), තමීම් ඉක්බාල් (උප නායක), එනමුල් හක්, ශම්සූර් රහමන්, මොමිනුල් හක්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, මහුමුදුල්ලා, සොහග් ගාෂි, අර්ෆට් සනී, මෂ්රාෆි මොර්ටාෂා, රුබෙල් හොසේන්, අල් අමීන් හොසේන්, නයීම් ස්ලාම් සහ ශෆියුල් ස්ලාම්


අදහස් (0)

තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.