Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩකාහි ශ්රී බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 13 ක ජයක් ලැබූහ.
ඕවර 43 කදී ලකුණු 181 ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බංග්ලාදේශ ඉනිම ඕවර 39.2 කදී ලකුණු 167 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
නායක ඇන්ජලෝ මැතිව්ස් නිවැරදි ස්ථානයේ පන්දුව පතිත කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් යොමු කළේය. මැතිව්ස් ඕවර 7.2 කදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 21 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.
ඉනිමේ 29 වැනි ඕවරයේදී බංග්ලාදේශ පිල කඩුලූ 4 කට ලකුණු 133 ක් ලබා ස්ථාවරව සිටියද සචිත‍්‍ර සේනානායක යැවූ ඉනිමේ 29 වැනි ඕවරයේ තෙවැනි සහ පස්වැනි පන්දුවලදී නසීර් හොසේන් සහ මහුමුදුල්ලා දැවී යෑමෙන් ලකුණු 133 කට කඩුලූ 6 ක් බවට පත්වීමෙන් බංග්ලාදේශ පිල ලෙස පසු පසට තල්ලූ විය. ශම්සූර් රහීම් පන්දු 49 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 62 ක් රැස් කළ ද අත්දැකීම් බහුල ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පීඩනය හමුවේ සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
තිසර පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සටනක් දියහැකි තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය. තිසර පන්දු 57 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස් කළේය.
ලකුණු 67 කට ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 8 ක් බිද වැටී තිබියදී තිසර පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක (30) නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩ ගැනීමට සමත් වූහ. එතැන් සිට ලසිත් මාලිංග සමග එක්වූ තිසර මුලූ ලකුණු සංඛ්‍යාව 180 දක්වා ඉහළ දැමීය.
ඉදිරි පෙළ සහ මැද පෙළ සියලූම පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිල දැඩි අසීරු තත්ත්වයක පත්විය. ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අංක අට දක්වා පිතිකරුවන් අතරින් කුසල් පෙරේරා (20) සහ දිනේෂ් චන්දිමාල් (13) පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වූහ.
ඩකා නුවරට අද පෙරවරුවේ ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 43 කට සීමා කරමින් බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 2.45 ට තරගය ආරම්භ විය.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
දෙරට අතර දෙවැනි එක්දින තරගය මේ මස 20 වැනිදා ඩකාහිදී පැවැත්වේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.