ගෙවී ගිය මාස හතරක පමණ කාලයේදී ලෝකයේ සිටි වේග පන්දු යවන්නන් අතුරින් පිතිකරුවන් භීතියට පත්කළ පන්දු යවන්නකු වශයෙන් සැලකුණු ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ජොන්සන්ගේ පා ඇගිලි වල ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් තරගය අවසානයේදී දකුණු පාදයේ ඇගිලි අතර විෂබීජ ආසාධනයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගත් නමුත් ඔෂධ මගින් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි
ජොන්සන්ගේ ස්ථානය වේග පන්දු යවන කී‍්‍රඩක ඩග් බොලින්ගර්ට හිමිවී තිබේ.
”අපි ජොන්සන්ට විශාල කාලයක් දුන්නා. අවාසනාවකට වගේ ඔහුගේ ආබාධය එම කාලය තුළදී සුවවී නෑ” යයි කණ්ඩායමේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජස්ටින් පාලෝනි මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.